yels;dla nqoaêu;=ka md¾,sfïka;=jg hjuq

Dr. Pathum Kerner

MBBS (University of Colombo)

Name

Dr. Pathum Kerner

Educational Qualifications

MBBS (University of Colombo)

Profession

Medical Doctor, Social & Environmental activist, Author,

Place of Work

ජාතික හරිත පෙරමුණ

Brief Description

පැතුම් කර්නර් ක්ෂේත‍්‍ර කිහිපයක උනන්දුව හා හැකියාව දක්වන වෛද්‍ය වෘත්තිකයෙකි. තම විෂය වන වෛද්‍ය විද්‍යාව පමණක් නොව, අනෙකුත් විෂයන්ද හදාරමින්, ජනතාවට සරල ලෙස කියාදෙමින්, ජනතාවගේ දේශපාලන හා ආර්ථික විද්‍යා සාක්ෂරතාව වැඩි කිරීමට උත්සාහ කරන්නෙකි. රටේ පවතින විවිධ අර්බුධකාරී අවස්ථාවල ඉවසීමෙන් හා සංයමයෙන් බුද්ධිමත්ව මැදිහත් වේ. ඔහුගේ සාධාරණ මධ්‍යස්ත විශ්ලේෂණ හැකියාවද ඉහළ මට්ටමක දකින්නට ලැබේ. ඔහු වසර කිහිපයක් විදේශ රටක සේවය කිරීමෙන් ලද අත්දැකීම්ද අප රටට දුපත් මානසිකත්වයෙන් මිදීමේදී වැදගත් විය හැක. කොළඹ නාලන්දා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ඔහූ 2001 වසරේ දී ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගය පාසලේ හොඳම ප්‍රතිඵලය ලෙස සමත්ව, වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් විය. විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ විභාගයට මාස හතක් තිබියදී යුධ හමුදා වෛද්‍ය බලකායට එක්වූ පැතුම් දෙවන ලුතිතන් වරයෙකු ලෙස රාජකාරි ආරම්භ කළේය. මන්නාරමේ 58 වන සේනාංකයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ වෛද්‍යවරයා ලෙස ද ලඅනුරාධපුර යුධ හමුදා රෝහලේ වෛද්‍යවරයෙකු ලෙසද සේවය කළ පැතුම් Royal college of surgeons of Edinburgh විභාගය සමත්ව එහි සාමාජිකත්වය ලබා ඇති පැතුම්, වසර අටක් සිංගප්පූරුවේ වෛද්‍ය වරයෙකු ලෙස සේවය කර ඇත. එමෙන්ම ඔහු පරිසරවේදියෙකි, ලේඛකයෙකි, ස්වභාවික විපත් වලදී ක්‍රියාත්මකවීම, ජාතික කසල ගැටළුව සමාජගත කිරීම හා පිළියම් සෙවීම, ස්වභාවික පරිසරය රැකගැනීම ආදී කටයුතු වෙනුවෙන් වසර කිහිපයක සිට තම කාලය හා ශ්‍රමය කැප කර ඇත කරමින් සිටී.. එවන් තරුණ දක්ෂයින් පාර්ලිමේන්තුවට යැවීමෙන් රටට වැඩක් මිස අවැඩක් නොවනු ඇත..

Why Do I recommend him

.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
[setReUrl]
0
Would love your thoughts, please comment.x
()
x