kdu fhdaackdjla lsÍug

Nominate a New Candidate

( අපේක්ෂකයෙකු යෝජනා කිරීමට පෙර නිර්ණායක හොඳින් කියවා බලා ඉතා වගකීමෙන් නාම යෝජනාව ඉදිරිපත් කරන්න. සිංහල හෝ ඉංගී‍්‍රසි භාෂාවෙන් පිරවිය හැක. )

Please login to nominate

ලෝකයේ  ඕනෑම රටක සිටින, මව්බිමට ඇපකැප වී සේවය කිරීමට කැමති, ශ්‍රී ලාංකික පුරවැසිභාවය හිමි, රටේ සාමය හා ඒකීයභාවය ආරක්ෂාකරන ඕනෑම තරාතිරමක දක්ෂ, බුද්ධිමතෙකුට, ජාති ආගම් කුල භේදයෙන් තොරව මේ සඳහා ඉදිරිපත් වියහැක. මේ සඳහා ඔබව තෝරා ගැනෙන්නේ ඔබේ සුදුසුකම් හා කල්ක්‍රියාව මත බැවින්, ඔබ ප‍්‍රසිද්ධ පුද්ගලයෙකු වීම අත්‍යවශ්‍ය නොවේ.

නාම යෝජනාවකදී අදාල වන නිර්ණායක

  1.  මම උගත් බුද්ධිමත්, රටට ආදරය කරන, අවංක, අවය්‍යාජ ​ පුද්ගලයෙක් වෙමි.
  2.  2020-01-01 දින වනවිට මම අවුරුදු 27 – 70 අතර වයසක් පිරුණු පුද්ගලයෙක් වෙමි.
  3.  මා මින්පෙර කිසිදු දේශපාලන පක්ෂයකින්, නගර සභාවකට, ප‍්‍රාදේශීය සභාවකට හෝ පළාත් සභාවකට තරඟකර නැත.
  4.  මෙහිදී බොහෝ නින්දා අපහාස, තර්ජන, මඩප‍්‍රහාර මාහට එල්ලවිය හැකිබව හොඳින් දන්නා අතර, ඊට නොබියව මුහුණදීමට අවශ්‍ය ආත්ම ශක්තිය හා නිර්දෝශීභාවය මා සතුවේ.
  5.  මා මින් පෙර කිසිදු වංචා දූෂණ කටයුත්තකට කිසිදු අයුරකින් දායක වී නොමැති අතර නීතිය ඉදිරියේ මෙතෙක් කිසිදු අපරාධ වංචා දූෂණ කටයුත්තකට වරදකරුවෙකු වී නොමැති බව සහතික කරමි.
  6.  මෙහිදී ජනතා තේරීම අනුව මා ඡන්ද අපේක්ෂකත්වයට තේරී පත්වුවහොත් මන්ත්රීවරයෙකු වීම සඳහා මට මාගේ රැකියාවෙන්/ ව්යාපාරයෙන් හා සියලුම තනතුරුවලින් ඉවත් වීමට සිදුවන බව මම දනිමි. මෙම දේශපාලන වෘත්තිය, විශේෂ ආදායම් මාර්ගයක් ලෙස නොව මාගේ මාතෘභූමියේ අභිවෘද්ධිය වෙනුවෙන් මා කරනා ගෞරවනීය කැපකිරීමක් ලෙස මම සලකමි.
  7.  මන්ත‍්‍රීවරයෙකු වීමෙන් පසු මම, මගේ පවුලේ අයගේ හෝ හිතවතුන්ගේ නමින්, සෘජුව හෝ වක‍්‍රව කිසිදු ව්‍යාපාර කටයුත්තකට සම්බන්ධ නොවෙමි. එමෙන්ම මගේ දරුවන්, බිරිඳ හෝ ඥාතීන්, මා වෙත ලැබෙන බලය හෝ රටේ සම්පත්, අවභාවිතා නොකරන බවට සහතික වෙමි.
  8.  දැනට මා සතු වත්කම්, මට සහ මගේ පවුලට ප‍්‍රමාණවත් වන අතර, මන්ත‍්‍රීවරයෙක් ලෙස ලැබෙන වැටුප සහ වරප‍්‍රසාද ප‍්‍රමාණවත්ය. රටේ ධනය සූරාගැනීම, අල්ලස් කොමිස් ගැනීම, ‘ඩීල්‘ දැමීම, නිදන්හෑරීම හෝ සම්පත් අයතා පරිහරණයට කිසිවිටෙක දායක නොවෙමි.
  9.  රටේ දියුණුවට අවශ්‍ය බුද්ධිමත් දේශ-පරිපාලන නායකත්වය හා දේශ-කළමනාකරණය ලබාදීමට, මම බොහෝ කැමැත්තෙන් සිටිමි. එමෙන්ම මාගේ උපරිම දැනුමෙන් හා හැකියාවෙන් අප රට දියුණු කිරීමටත් ශී‍්‍ර ලාංකිකයාගේ අවම ජීවන මට්ටම ඉහල නංවා මෙතෙක් ඉටු නොවූ බලාපොරොත්තු ඉටු කිරීමටත් බොහෝ කැමැත්තෙන් පසුවෙමි. ඒ සඳහා මාගේ උපරිමයෙන් කැපවෙමි.
  10.  රටට අවශ්යය ආර්ථීක, කාර්මික, කෘෂිකාර්මික හා සමාජ සුබසාධන සංවර්ධන කටයුතු පිළිබඳ මාහට පුළුල් අවබෝධයක් ඇති අතර ඒ අංග රටේ ඉහළ මට්ටමකට ගෙන ඒමට පුළුල් ප‍්‍රායෝගික දැක්මක් මාහට ඇත. එසේම, කතාවෙන් ලියවිලිවලින් හෝ සිහිනවලින් නොව ප‍්‍රායෝගිකව ක‍්‍රියාවෙන්ම එය සිදුකිරීමට අවශ්‍ය දැනුම, උද්යෝගය හා හැකියාව මා සතුවේ.
  11.  බුද්ධිමත් ”ශී‍්‍ර ලංකාවාදියෙකු” වශයෙන් මාගේ ජාතිය හා ආගම මා හට වැදගත් අතර, අන්ජාතීන්ටද ඔවුන්ගේ ජාතිය හෝ ආගම වැදගත් යැයි මම සිතමි. නමුත් රටේ පවතින නීතියට හා ව්‍යවස්ථාවට අප සැම වෙනසකින් තොරව එකසේ යටත් බව පිළිගනිමි.
  12. මහත්මා දේශපාලනයට අවශ්‍ය විනය, කායික හා වාචික සංවරය හා පෞද්ගලික ආත්මාර්ථයෙන් තොරවූ, කණ්ඩායම් හැඟීමෙන් යුතු වූ, නිහතමානී නායකත්ව ලක්ෂණ මා සතු වේ. රටේ මෙන්ම රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතුවලදී ද, අඥාන හා ආවේගශීලී ලෙස නොව, ප‍්‍රඥාවන්ත හා දුරදර්ශී ලෙස හැසිරෙමින්, ආදර්ශමත් රාජ්ය තාන්ත්රිකයෙකු ලෙස රටේ සුබ සිද්ධිය ප්රමුඛ කොට එම ගැටළු විසඳීමට කැපවෙමි.
  13.  පත්වන රජයෙන් සිදුවන අඩුපාඩු, අපක්ෂපාතීව, හරි දේ හරිලෙසත් වැරදි දේ වැරදිලෙසත්, මාගේ තනතුරු වාසිඅවාසි නොබලා දකිමි. සෘජුව, නොපමාව ඉදිරිපත් වෙමි. එහිදී රටේ හා රටවැසියාගේ අභිවෘද්ධිය වෙනුවෙන් මිස, පක්ෂය හෝ වෙන කිසිවෙකු රැකීමට පෙනී නොසිටිමි.
  14.  මෙය රටවැසියා විසින් මට ලබාදෙන වගකීම් සහිත රැකියාවක් බව මම දනිමි, එමෙන්ම මාගේ කි‍්‍රයාකලාපය අනුව මාගේ මෙම රැකියාව අහිමි වියහැකි බවද මම දනිමි. එමෙන්ම මා රට වෙනුවෙන් ඉතා අවංක බුද්ධිමත් හා කාර්යශූර කාර්යභාරයක් ඉටුකරන්නේ නම් රටවැසියා විසින් මා ආදරයෙන් රැකගන්නා බවත්, දේශපාලනයේ ඉහලටම මා ඔසවා තබන බවත් මම දනිමි.
  15.  මේ සඳහා ”අවම” වෘත්තීය සුදුසුකම වන, ඕනෑම රටක විශ්වවිද්‍යාලයකින් ලබාගත් උපාධියක් මා සතු වේ.
ඔබ මේ අයුරින් හැඳින්විය හැකි කෙනෙකු නම්, නාම යෝජනා පිටුවේ සහ ජීවදත්ත පිටුවේ ඔබේ නම සහ සත්‍ය විස්තර පුරවා මීට එකතු වන්න. නැතහොත්, ඉහත සඳහන් ගුණාංග සහිත වෙනත් සුවිශේෂ බුද්ධිමතෙකු ඔබ දන්නේ නම්, එම නම මෙම නාමයෝජනා පිටුවෙහි ඉතා වගකීමෙන් නිර්දේශ කර ඔහුට/ඇයට ආරාධනා කරන්න. ඔබ ලෙසම සිතන, රටට ආදරය කරන අයට මෙම ලිපිය හැකිතාක් යවමින්, ලොවපුරා සිටින දක්ෂයින් එක්රොක් කරමු. යහපත් හෙට දවසක් වෙනුවෙන් උගත් බුද්ධිමත් මහත්වරුන් පාර්ලිමේන්තුවට යවමු. මේ වෙනුවෙන් අප කිසියම් හෝ පියවරක් නොතැබීමෙන් අනාගතයේ රටට විය හැකි හානිය ප‍්‍රඥාවෙන් වටහාගනිමු. (ඔවුන් පාර්ලිමේන්තුවට ගොස් රටවැසියා බලාපොරොත්තු වන මෙහෙවර ඉටුනොකළහොත්, ඊළඟ වාරයේ ඔහු/ඔවුන් ගෙදර යැවීමටද රටවැසියා තරයේ වගබලා ගනු ඇත.)

Please login to nominate