yels;dla nqoaêu;=ka md¾,sfïka;=jg hjuq

ks¾Kdhl

Criteria

රටක ඕනෑම රැකියාවකට යාමේදී මූලික සුදුසුකම් සොයාබලන නමුත්, රටේ ඉහලම රැකියාවක වන දේශපාලක රැකියාවට කිසිදු සුදුසුකමක් නොබැලේ. පක්ෂ නායකයින්ට හිතවත් අයට, ඥාතීන්ට, අල්ලසට, මුඛරිකමට
එම රැකියාවට නාමයෝජනා ලැබේ. එහි ප‍්‍රතිවිපාක දැන් අප විඳිමින් පවතී. මේ එය වෙනස් කිරිමට කාලයයි.
මෙම රැකියාවට අවශ්‍යවන සුදුසුකම් නිර්ණායක තුළින් තෝරා දක්ෂ බුද්ධිමතුන්ට නාමයෝජනා දෙමු.
ඔබ, රටට බොහෝ ආදරය කරන පහත දැක්වෙන ආකාරයේ සුවිශේෂ බුද්ධිමතෙක් නම්, ඔබ විසින්ම
ඔෙබි නම සහ සත්‍ය විස්තර පුරවා මීට එකතු වන්න. නැතහොත් පහත දැක්වෙන ලෙස හැඳින්විය හැකි වෙනත් සුවිශේෂ බුද්ධිමතෙකු ඔබ දන්නේ නම් එම නම ‘ඉතා වගකීමෙන්‘ නිර්දේශ කරන්න.

ශී‍්‍ර ලංකාවේ හෝ ලෝකයේ  ඕනෑම රටක සිටින (ද්විත්ව පුරවැසි නොවන), මව්බිමට ඇපකැප වී සේවය කිරීමට කැමති, ක‍්‍රියාවෙන් ප‍්‍රතිඵල ගෙනෙන, රටේ ඒකීයභාවය ආරක්ෂා කරගෙන රටේ ආර්ථිකයේ ශීඝ‍්‍ර ආර්ථික දියුණුවක් ඇති කළහැකි,  ඕනෑම තරාතිරමක සිටින සුවිශේෂ දක්ෂයෙකුට, ජාති ආගම් කුල භේදයෙන් තොරව මේ සඳහා ඉදිරිපත් වියහැක. මේ සඳහා ඔබව තෝරා ගැනෙන්නේ ඔබේ දක්ෂතාවය, සුදුසුකම් හා කල්ක‍්‍රියාව මත බැවින්, ඔබ ප‍්‍රසිද්ධ පුද්ගලයෙකු වීම අත්‍යවශ්‍ය නොවේ.

තෝරා ගැනීම සඳහා, අපේක්ෂකයාට අදාලවන නිර්ණායක

*** දෙවන හෝ දහතුන්වන නිර්ණායකයන් නොමැති අයෙකුට, අනෙකුත් නිර්ණායකයන් සියල්ල සපිරේ නම් හා වයස අවු. 45ට වැඩි නම්, එම අපේක්ෂකයා පලමු 100 දෙනා අතරට ජනතා මනාපයෙන් තේරී පත් වුවහොත් එම දෙවන හෝ දහතුන්වන නිර්ණායකයන් නොසලකා හැරිය හැක.

ඉහත සඳහන් අයුරින් හැඳින්විය හැකි කෙනෙකු නම්, නාම යෝජනා පිටුවේ සහ ජීවදත්ත පිටුවේ ඔබේ නම සහ සත්‍ය විස්තර පුරවා මීට එකතු වන්න. නැතහොත්, ඉහත සඳහන් ගුණාංග සහිත වෙනත් සුවිශේෂ බුද්ධිමතෙකු ඔබ දන්නේ නම්, එම නම මෙම නාමයෝජනා පිටුවෙහි ඉතා වගකීමෙන් නිර්දේශ කර ඔහුට/ඇයට ආරාධනා කරන්න. 

ඔබ ලෙසම සිතන, රටට ආදරය කරන අයට මෙම ලිපිය හැකිතාක් යවමින්, රට පුරා ලොවපුරා සිටින දක්ෂයින් එක්රොක් කරමු. යහපත් හෙට දවසක් වෙනුවෙන් උගත් බුද්ධිමත් මහත්වරුන් පාර්ලිමේන්තුවට යවමු.

මේ වෙනුවෙන් අප කිසියම් හෝ පියවරක් නොතබා තර්ක විතර්ක කරමින් බලා සිටීමෙන් අනාගතයේ රටට විය හැකි හානිය ප‍්‍රඥාවෙන් වටහාගනිමු. (ඔවුන් පාර්ලිමේන්තුවට ගොස් රටවැසියා බලාපොරොත්තු වන මෙහෙවර ඉටුනොකළහොත්, ඊළඟ වාරයේ ඔහු/ඔවුන් ගෙදර යැවීමටද රටවැසියා තරයේ වගබලා ගනු ඇත.)