Name
Prof. Rohan Gunaratna
Educational Qualifications
PhD in International Relations- University of St Andrews, UK, MSc. - University of Notre Dame (USA), BSc.
Profession
Professor, Author, Expert on Terrorist studies, Consultant - International Security, International Political Analyst,
Place of Work
Nanyang Technology University, Singapore
Brief Description
දේශපාලන විශ්ලේෂකයෙකු හා ජාත්‍යන්තර ත්‍රස්ත විශේෂඥයෙකු වන ආචාර්ය රොහාන් ගුණරත්න මහතා සිංගප්පූරුවේ නැන්යැන්ග් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ දේශපාලන ප්රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (ICPVTR) හිටපු ප්‍රධානියා වේ. ගෝලීය වශයෙන් කීර්තිමත් මධ්‍යස්ථානයක් වන (ICPVTR) ත්‍රස්ත මර්දන පර්යේෂණ හා විශ්ලේෂණයන් සඳහා ලොව පුරා කීර්තියක් ලබා ඇත. ත්‍රස්තවාදය සහ දේශපාලන ප්රචණ්ඩත්වය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානය (CSTPV) ඔහුව “Acknowledged expert on terrorism in South Asia” ලෙස ලැයිස්තු ගත කළේය. එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ ශාඛාවේ හිටපු ප්‍රධාන විමර්ශකයා වන ඔහු අල්කයිඩා පිළිබඳ ලොව ප්‍රවීණයෙකු ලෙස ද නම් කර තිබේ. මේ වනවිට 58වැනි වියේ පසුවන ඔහු මේ වනවිට ත්‍රස්තවාදය පිළිබඳව ලොව පුරා බොහෝ දේශන පවත්වා ඇති අතර බොහෝ රජයන්ගේ උපදේශකයෙකු ලෙස ද සේවය කර ඇත. පොත් 15 කට අධික සංඛ්‍යාවක කතුවරයා වන ඔහු ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතාවයේ දියුණුව වෙනුවෙන් 2014 ජුනි මාසයේදී මේජර් ජෙනරාල් Ralph H. Van Deman සම්මානයෙන්ද පිදුම් ලැබූවේය.
Why Do I recommend him
දේශපාලනය, ජාත්‍යන්තර ත්‍රස්තවාදය හා ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෙකු වන එතුමා, අප රටතුළින් බ්හිවූ සුවිශේෂ තම පුද්ගලයෙකි. එවන් විශිෂ්ට පුද්ගලයින්ගේ සේවය විදේශයන්ට දී අප ‘මුඛරිබව හා කපටිකම හැර අන් කිසිදු සුදුසුකමක් නැති’ මිනිසුන් නායකයින් ලෙස පත්කරගෙන දුක් විඳිමින් සිටිමු. දැන් එයින් මිදීමට කාලය පැමිණ තිබේ. මහාචාර්ය රොහාන් ගුණරත්න යනු අප රටේ දේශපාලනයේ සිටිය යුතුම කෙනෙකි. එමනිසා එතුමා අප ඉතා කැමැත්තෙන් යෝජනා කරමු. එමෙන්ම දේශපාළුවන්ගෙන් පීඩාවට පත්වී සිටින මේ රටේ ජනතාව වෙනුවෙන්, ශී‍්‍ර ලංකාවට පැමිණ මැතිවරණයට එක්වන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.
Web Links for more information
Comments from the followers
( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )
ඉතාමත් හොද පුද්ගල වරිතයක් ලෙසින් හදුන්වාදිය හැකි පුරවැසියකු බව මාගේ අවබෝධය වන අතර එවැන්නන් පාලකයින් ලෙස පත් කර යැවීම ඉතාමත් සුදුසු බව මම යෝජනා කරමි.-ඇනස්ලි පෙරේරා.UK.