Prof. Mahinda Pathegama

PhD in Artificial Intelligence - University of South Australia, MSc, BEng (1st Class Hons) (Elect & Mechatronics Eng), Dip.Eng (Electronics & Telecommunication Eng)

Name

Prof. Mahinda Pathegama

Educational Qualifications

PhD in Artificial Intelligence - University of South Australia, MSc, BEng (1st Class Hons) (Elect & Mechatronics Eng), Dip.Eng (Electronics & Telecommunication Eng)

Profession

Founder of MP Centre for Science and Innovation in Australia, Professor, Award winning Scientist, Inventor,

Place of Work

-

Brief Description

මහින්ද පාතෙගම යනු කීර්තිමත් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකි. අප රටේ නාමය ජාතයන්තරයේ ඉහලින් ඔසවා තැබීමට සමත්වුණු ඔහු, නව විද්‍යා සොයාගැනීම් අති විශාල සංඛ්‍යාවක් ලොවට හෙළිකර රටවල් 33ක ලිඛිත පිළිගැනීමට ලක්ව ඇත. ලොවට කළ සේවය අගයමින් ජාත්‍යන්තර සම්මාන 9 කින් පිදුම් ලද ලාංකිකයාද ඔහු වේ. ඒ අතර “ලොව හොඳම කෘත්‍රිම බුද්ධිය පිලිබඳ නව සොයාගැනීමට හිමි ජාත්‍යන්තර සම්මානය” 2003 වසරේදී රුසියාවේදී ඔහු වෙත පිරිනැමිණි. රටක් දියුණු කළ හැකි බුද්ධිමත් ශිල්පීය ක්‍රම ගණනාවක් මෙන්ම නවෝත්පාදන ක්‍රමයන් පිලිබඳ ඔහුගේ අසමසම බුද්ධිය, දක්ෂ දැනුම සහ නිපුණත්වය ලෝකයේ දියුණු රටවලින් මහත්සේ ගෞරවාදරයට පත්ව ඇත්තේ ලිඛිත පිළිගැනීමකටද ලක්වුණු ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ලෙසය. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ රුසියාව යන රටවල ලොව ප්‍රකට විද්‍යාඥයින් තෙපලක් විසින්ම ඔහුගේ හැකියාවන් මහත් ඇගයීමට ලක්කර තිබු අතර ඔවුන් ජාත්‍යන්තරයට එක්කළ ලිඛිත වාර්තාවල දක්වා තිබුනේ, ‘මහින්ද පාතෙගම යනු ලොව සිටින විශිෂ්ඨ ගනයේ විද්‍යාඥයෙකු’ බවටත් ඔහු ‘ශ්‍රී ලංකාවෙන් ලොවට දුන් දායාදයක්’ බවටත් දක්වමින් වීම ලංකාවට අභිමානයක් ගෙන දෙන්නකි. විශ්වය පිලිබඳ ඔහුගේ නව දැක්ම ඔහු ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දාර්ශනයෙකු ලෙසින් ලොව නන් දෙස ප්‍රකට විය. බුද්ධිමතුන් අපරට හැරදා යන යුගයක, ඕස්ට්‍රේලියාවේ ඔහු දැරූ මහාචාර්ය පදවිය ඇතුළු තමනට හිමි වරප්‍රසාද සියල්ල හැරදා මව්බිමට නැවත පැමිණ තම සේවය වසර 15 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේම රැඳී සිටිමින් අප රටට සැපයුවේ කිසිදු මුදලක් ලබා නොගෙන වීම ඔහු තුලින් දිස්වන විශේෂ ගුණාංගයකි. අප රටට ලබාදී ඇති නවෝත්පාදන ක්‍රම රාශියක් වන අතර අද ජනතාව බුක්ති විඳින තාක්ෂනයන් කිහිපයකම නිර්මාතෘවරයා වන්නේද ඔහුමය. ඒ අතර රූපවාහිනී ප්‍රවෘත්ති ආදී සජීවී රූපවාහිනී විකාශනයන් ආපස්සට හෝ ඉදිරියට ගොස් නැවත නැවතත් නැරඹීමේ පහසුකම සහිත විද්‍යා සංකල්පයේ නිර්මාතෘවරයා ඔහු වන අතර එය අප රටේ රජයට ඔහු නොමිලයේම ලබාදුන්නකි. තවද, රට අස්ථාවර අවස්ථාවක, රට වටකර බැඳි රන්වැටසේ වන රේඩාර් තාක්ෂනය වෙනුවෙන් කළ ඔහුගේ ප්‍රධාන දායකත්වය අපිරිමිතය. ‘නව නිපැයුම් තුලින් ජාතිය ගොඩනැගීමේ මේඩ් ඉන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය හඳුන්වා දුන්නේය. ‘නව ලොව නව දැනුම දැයේ දරුවන්ට’ මැයෙන් දැනට වසර ගණනාවක් මුළුල්ලේ රටපුරා වෙසෙන අප රටේ දරුවන් වෙනුවෙන් නිහඬ සේවයක් කරමින් සිටී. මොරටුව විශ්ව විද්‍යාලයෙන් සහ university of South Australia වලින් වැඩිදුර අධාපනය ලබා ඇත. විදුලි ඉංජිනේරු සහ රොබෝ ඉංජිනේරු පිලිබඳ “පළමු පන්තියේ ගෞරව ඉංජිනේරු උපාධිය” සවුත් ඕස්ට්රේලියා විශ්ව විද්‍යාලයෙන් සමත්වූයේ එහි වැඩිම ලකුනු ලද ඉංජිනේරුවා වෙමින් චාන්සලර් සම්මානයද හිමිකරගනිමිනි. කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) පිලිබඳ ඉංජිනේරු උපාධියේ PhD (ඉංජිනේරු ආචාර්ය උපාධිය) ඔහු ඕස්ට්‍රේලියාවේදී ලබා ගති. ක්ෂේත්‍ර ගණනාවකින් එකසේ දක්ෂතා දක්වන විද්වතෙකු වේනම් ඒ මහින්ද පාතෙගම බව ඔහුගේ අධ්‍යාපන උපාධි සාක්ෂි දරයි. එම ක්ෂේත්‍ර අතර, විදුලි සංදේශ, විදුලි ඉංජිනේරු, විද්‍යුත් ඉංජිනේරු, රොබෝ තාක්ෂනය, කෘත්‍රිම බුද්ධිය, මොලයේ සෛල විද්‍යාව, ස්නායු විද්‍යාව පමණක් නොව ආර්ථික විද්‍යා සහ කළමනාකරණය පිළිබඳවද අධ්‍යාපන සුදුසුකම් උපාධි ලබා තිබීම විරලව කෙනෙකුට ලැබෙන විශේෂිත දෙයක් වන අතර එය අප රටට වඩවඩාත් ඵල ගෙනෙන බුද්ධිමතෙකු බව ප්‍රකට කරන්නෙකි. ඔහු විද්‍යාව හා තාක්ෂනය පමණක් නොව, දේශීය සංස්කෘතිය, කලාව, බෞද්ධ දර්ශනය, හෙල ඔසු වේදය, වන සම්පත, කෘෂිකර්මය, පරිසරය හා වාරිකර්මාන්තය යන අංශ දහයක එකසේ නිපුණතාවයන් පිහිටි විරල ගනයේ මානව සම්පතකි. එලෙසම රුහුනු සිත්තම්ගල්ලෙන රජමහ විහාර පෙරහරේ බස්නායක නිලමේ වශයෙන් දේශීය සංස්කෘතික අංගයන්ට ජීවය දුන් අයෙකි. පහතරට නර්තනයන් පිලිබඳ වැඩසටහන්ද, අංගම් පොර සටන් වැඩසටහන්ද ඔහු විසින් දියත්කර ඇත. වරක් අමරදේවයන්ද උපහාරයට ලක්වූ ‘කළා ලොවේ නව නිපැයුම් කිරුළ’ නිර්මාණය කරමින් දේශීය කලා ක්ෂේත්‍රයට දේශීය සංගීතයටද සේවය කරන අසමසම විද්වතෙකි. අපේ විද්‍යාඥයා ලෙසින් විරුදාවලිය ලත් මහාචාර්ය මහින්ද පාතෙගමයන් රට දැය සමය කෙරේ ඇත්තේ මහත් භක්තාදරයක් බව, ඔහුගේ අතින් ලියවුනු පණ්ඩිත් අමරදේවයන් ගැයූ “සතර මහා දිවයින් මැද බබලන පින්කෙත” ගීතයෙන්ද, ගායක සමන් ලෙනින් ගැයූ “මේ අපේ දේශයයි, දේශයේ ශක්තියයි” යන ගීතයෙන්ද ඔහුගේ මනස තුළ රැඳුනු සැඟවුණු දේශීයත්වය කෙතරම්දැයි යන්න සහ අපරටේ ප්‍රෞඪ ඉතිහාසය කෙතරම් අගයන කෙනෙකුදැයි මනාව හඳුනාගත හැක. Mahinda Pathegama is a Sri Lankan scientist. Mahinda has won international recognition for his expertise in scientific discoveries, notably in innovations of intelligent techniques towards advancement of science. He is also known for his new insight in to the Universe as a philosopher. His findings were accepted in many parts of the world, and won nine international awards for his original scientific works. His expertise expands in multi-disciplinary fields that have been gifted by his education along with multiple university degrees in Artificial Intelligence, Information and Electrical Engineering, Electronic, Telecommunication and Mechatronics Engineering, up to Doctor of Philosophy. He has made a scientific breakthrough by the name of ‘Frequency-Forced Digital Processing’. His findings were accepted in many parts of the world, especially in Australia, Japan, Ukraine, Poland and Russia. According to the published media, his expertise expands in multi-disciplinary fields that have been gifted by his education along with multiple university degrees in Artificial Intelligence, Information and Electrical Engineering, Electronic, Telecommunication and Mechatronics Engineering, up to Doctor of Philosophy.

Why Do I recommend him

In order to make this a developed country, intellectuals of his caliber should be in parliament. I hope he would take up this challenging opportunity to serve mother Lanka.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
sanjeewa_jayawardhana
sanjeewa_jayawardhana
August 2, 2019 2:25 pm

Great

dayanath_gunathilaka
dayanath_gunathilaka
August 14, 2019 4:13 pm

ලංකාවේ අගය දත්, බුද්ධිමතුන් අභිබවමින්, මිනිසත්කම පසක් කරමින් ලොව දිනු අවංක විද්වතෙකි. රටක් භාරදීමට වඩාත් සුදුසු නායකයෙකි.

2
0
Would love your thoughts, please comment.x
()
x