Muditha Champika

BSc in Quantum & Electronic Engineering (University of Tsukuba - Japan)

Name

Muditha Champika

Educational Qualifications

BSc in Quantum & Electronic Engineering (University of Tsukuba - Japan)

Profession

Engineer, Teacher, Patriotic Humanitarian, Author

Place of Work

ATSL International Pvt. Ltd

Brief Description

ඉංජිනේරැ උපාධි දාරියෙකු වන මා, කලක් ඉංජිනේරැ ක්ෂේත්‍රයේ සේවය කොට වර්ථමානයේ ගුරැවරයෙකු වශයෙන් සේවය කරමි. දේශපාලනයට එතරම් කැමැත්තක් නොමැති මුත්, රටේ වත්මන් තත්වය හමුවේ උගතුන් දේශපාලනයට එක්වීමට මැලි කමක් දක්වන බැවින්, රටට ආදරය කරන උගතුන්ට පූර්ව ආදර්ශයක් වෙමින් මෙසේ මාගේ නම සදහන් කරමි. මේ රටට සේවයක් කිරීමට කැමති රටට ආදරය කරන උගතුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරැන්, ඉංජිනේරැවරැන්, වෛද්‍යවරැන් සිටීනම් පැකිලීමකින් තොරව මෙහි නම සදහන් කරන මෙන් කාරැණිකව ඉල්ලමි. දේශපාලනය කරත් නැතත් රට ආගාධයක වැටී ඇති මේ මොහොතේ නිහඩ නොවී, රට වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරමින් තමාගේ යුතුකම ඉටුකලා යැයි සතුටු විය හැකි හැගිම පෙරටු කොට මෙසේ නම ඇතුලත් කරමි.

Why Do I recommend him

යුද්ධය අවසන් කර රටට සාමය උදාකරදුන් නායකයන්ටත්, මෙසේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදුන් නායකයන්ටත් මාගේ කෘතඤතාවය හිමිවේවා. එසේ රටට සේවය කල නායකයින් විශ්‍රාම සුව විදිය යුතු කාලයයි මේ. අවනීතිය, වංචා, දූෂණ වලින් පිරි දේශපාලනය අවසන් කොට උගතුන් රට පාලනය කරන යුගයක් එලබිය යුතුව ඇත. එවිට ලංකාදීපය ලෝකය තුල දිදුලනු ඇත. එබැවින් උගතුන්ගේ ඇස් ඇරේවා, ජාතික අභිමානය පහල වේවා. [== දැක්ම ==] රටක් දියුණු වීමට නම්, අනිවාර්යයෙන් පාලකයන් තමන්ගේ පෞද්ගලික වාසිය නොතකා රට ගැන හිතන, යුක්තිගරැක මිනිසුන් විය යුතුයි. පාලකයින් යුක්තිගරැකව රටට ආදරේ කරන විට ජනතාවද ක්‍රමයෙන් යුක්තිගරැකවී රටට ආදරය කරන්නට පටන්ගනු ඇත. බුදු දහමෙහි අධම්‌මික සූත්‍රයේ මේ කරැන මැනවින් විග්‍රහ කරයි. “රජු නො දැහැමි වේ නම් මුළු රට දුඃඛිත වේ. රජු ධාර්මික වේ නම් මුළු රට සුඛිත වෙයි.” සමාජයේ මිනිසුන්ට කිසිම ප්‍රතිපත්තියක් නැත්තම්, එක ගුණධර්මයක් වත්, එකම සිල් පදයක් වත් ආරක්ෂා කරගන්නට බැරිනම් නමට බෞදධ වීමෙන් පලක් නැත. කිසිම ගූණයක් ආරක්ෂා කරන්නැති මිනිසුන් මිනිසත් කමට නිගාවකි. එබැවින් යහපත් සමාජයක් සදහා කැඩි කැඩි හෝ ගුණධර්ම ආරක්ෂා කිරීමට මිනිසුන් පොලඹවීම පාලකයා විසින් සිදුකල යුතුය. ගුණ ධර්ම පෝෂණය කිරීම පලමු කොටත් රටේ භෞතික දියුණුව දෙවැනි කොටත් සැලකීම වටී. යම් ලෙසකින් මා හට අවශ්‍ය තනතුරු ලැබුනහොත්, මාගේ පෞද්ගලික වාසිය නොසලකා පහත කාරනා ඉටු කිරීමට හැකි සෑම දෙයක්ම කරමි. [== ශ්‍රී ලාංකික ජනරජය ==] ශ්‍රී ලංකාව බෞද්ධ ධර්මය, බෞද්ධ සංකෘතිය අනුව පාලනය වන ඕනෑම ආගමක් ඇදහීමට අයිතිය ඇති, කිසිම පිටස්තර රාජ්‍යයක කොලනියක් නොවූ ස්වෛරී රාජයක් ලෙස පැවතීම. [== බෞද්ධ උරුමය රැකීම ==] ශ්‍රී ලංකාව තුල බෞද්ධ උරුමය සුරක්ෂිත කිරීම සඳහා, මහා සංඝ රත්ණයේ අවසරය මත පහත කරුණු බලාත්මක කිරීමට හැකි සෑම දෙයක්ම කරමි. (1)බුද්ධ ශාසන අමාත්‍යංශයේ කටයුතු කාලයෙන් කාලයට(මාස 6න් 6ට), ක්‍රියාකාරී ප්‍රසිද්ධ ධර්මදේශකයන් වහන්සේලාට ලබාදීම. 2.බුදධ ධර්මය පාසැල් පෙල පොත්, බෞද්ධ දර්ශනයේ හරයන් ඉස්මතු වනසේ නැවත සකස් කිරීම. 3.පාසැල් සඳහා අභිධර්මය, පාලි විශය මාලා ඇතුළු කිරීම. 4.ධර්ම සංඝායනාවක් සිදු කිරීම. 5.සංඝයා වහන්සේලාගේ තීරණය මත සංඝාඅධ්කරණයක්(රටේ නීතියට අසු නොවන විනය කඩ කිරීම සඳහා) ස්ථාපිත කිරීමට සහය වීම. 6. සංඝාඅධ්කරණයේ තීරණ මත සාශනයෙන් ඉවත් කරන දුසිල්වත් භික්ෂූන් සඳහා සුදුසු රැකියා ලබාදීම. 7.සියළු බෞද්ධ පන්සල් සඳහා ජනතාවට සේවය කිරීමට යම්කිසි මුදලක් ලබාදීම. 8.පන්සල් වල සිදු කෙරෙන ඉදිකිරීම් කටයුතු සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීම. කැමැත්තේන් දෙන දේවල් හැර සංඝයා වහන්සේලා මිනිසුන්ගෙන් මුදල් එකතු කිරීම නවතා දැමීම. එවිට මිනිසුන් නිදහසේ පන්සල් පැමිණෙනු ඇත. 9.බෞද්ධයන් පන්සල් වටා එක්රැස් වෙන පරිදි අවශ්‍ය පසුබිම සැකසීම. පන්සල් වල වැඩ කටයුතු සඳහා නිවාඩු අනුමත කිරීම. 10. රටේ සෑම ප්‍රදේශයකම බෞද්ධ පන්සල් ඇති කිරීම. 11. අනාථ නිවාස වල සිටිනා ළමුන්ගේ කැමැත්ත මත, ඔවුන් පන්සල් හා මෙහෙණි ආරණ්ය වලට නීත්‍යානුකූලව යොමු කිරීමේ ක්‍රමවේදයක් සෑදීම. 12. පැවිදි කිරීම සඳහා සාශනයට ළමයි ඇතුලත් කරගන්නා ස්ථානයක් දිස්ත්‍රික් මට්ටමින් ඇති කිරීම. සාසනයට ළමයෙක් ලබාදෙන දෙමවුපියන්ට විශේෂ ගෞරව සම්මානයක් ලබා දීම. 13. සංඝරත්නයේ අනුශාසනා මත තාවකාලික පැවිද්ද ලබාදෙන ක්‍රමවේදයක් සැකසීම. 14. පිරිවෙන් අධ්යාපනය, ධර්මධර ආරණ්යගත භාවනානුයෝගී බික්ෂූන් වහසේලාගේ උපදෙස් මත අඩුපාඩු සකසා නගා සිටුවීම. 15.විහාරස්ථාන හා පුජනීය ස්ථාන වල ඇති පින් කැට වල මුදල් රජයේ ගිණුම් වලට නොගෙන ඒවා බුද්ධශාසනය වෙනුවෙන්ම යොදාගැනීම. (මිනිසුන් බුදු සසුන වෙනුවෙන් පරිත්‍යාග කරන මුදල් රජයට ලබාගැනීම පාලකයන්ට සාපයකි.) 16.ආරණ්‍ය ගත ස්වාමීන්වහන්සේලාට ආරාධනකර, රාජ්‍ය අනුග්‍රහය යටතේ දිස්ත්‍රික් මට්ටමින් භාවනා වැඩසටහන් පැවැත්වීම. 17.සියළුම මැති ඇමති වරැන්ට පත්වීම් ලබාදෙන විට දසරාජ ධර්ම අනූව පාලනය ගෙන යන බවටත් එසේ කිරීමට අපොහොසත් වූවහොත් තනතුරෙන් ඉල්ලා අස්වන බවටත් ප්‍රතිඤා ලබා ගැනීම. [== පෞද්ගලීකරණයෙන් තොරව රාජ්‍ය ආයතන වල ගුනාත්මක බව ඉහල දැමීම ==] රාජ්‍ය ආයතන ටික විකිණීමට නොදී, රාජ්‍ය ආයතන වල සේවකයන්ගේ කාර්යක්ෂමතාව හොර බොරුනොමැතිව නිවැරදිව මනින ක්‍රමවේදයක් සකසා, කාර්යක්ෂමතාව අනුව වැටුප් වර්ධනය වන ක්‍රමයක් සැකසීම. එවිට පඩිය වැඩිවෙන බැවින් රාජ්‍ය සේවකයින් බොරුවෙන් තොරව වැඩ කරන්නට පුරුදු වනුඇත. මේ සඳහා හොර බොරුවෙන් තොර නායකත්වයක් අත්‍යවශ්‍ය වෙයි. [== ගමනාගමන ==] (1) ලංකාවේ වැදගත් සියළුම නගර යා කරමින්, නියමිත වේලාවට වැඩකරන දුම්‍ රිය පද්දතියක් ඇති කිරීම. (2) දුම්‍ රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සදහා නවීන තාක්ෂණය භාවිතා කිරීම. (3) සිලළුම දුම්‍ රිය ස්ථාන නවීකරණය. [== විදුලි බලය ==] රටට අවශ්‍ය සම්පූර්ණ බල ශක්තිය ස්වභාවික ප්‍රභව වලින් නිශ්පාදනයට කටයුතු යෙදීම. [== කර්මාන්ත ==] ආනයනය අවම කිරීම සඳහා, හැකි සෑම දෙයක්ම ලංකාව තුල නිශ්පාදනය කිරීමට කර්මාන්ත ශාලා ඇති කිරීම.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x