Name
Mano Sekaram
Educational Qualifications
-
Profession
Entrepreneur, Founder CEO, ICT Consultant, Chairman of LAN networks
Place of Work
99X Technology
Brief Description
මනෝ සේකරම් යනු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ක්ෂේස්ත්රයේ (ICT Industry ) දැවැන්තයෙකි. එමෙන්ම ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සංවර්ධන වෙළඳපොලේ වෘත්තීයමය ගුණාංගවලින් යුත් හා ජාත්‍යන්තරව පිළිගත් චරිතයකි. ඔහු සිය කාර්යයන් කෙරෙහි අතිශය උන්න්දුවක් දක්වන අතර ඔහු දැනට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ බීපීඑම් අංශය ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහය ප්‍රශංසනීයය. 99X Technology ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වන එතුමා ලාංකීය ආර්ථිකය ගොඩනැංවීමට මහත් සේවයක් සහ නායකත්වයක් ලබාදෙයි. එමෙන්ම ඔහු ICT Industry සමාගම් වල එකතුවක් වන SLASSCOM ආයතනයෙහි හිටපු සභාපතිවරයෙකි. වියවසයකත්වය නැංවීම සඳහා වන Lanka Angle Network (LAN) ආයතනයෙහි වත්මන්සභාපතිවරයාය. කොළඹ සහ යාපනය විශ්වවිද්‍යාල වල අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකි. StartupX Foundry (nonprofit) නම් තරුණ වියවසායකයන් දිරිගන්වන ආයතනයේ නිර්මාතෘ වරයාය.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයට කළ දැවැන්ත දායකත්වය වෙනුවෙන් තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ BCS විසින් 2014 හොඳම ජාතික තත්ත්ව මෘදුකාංග සම්මාන උළෙලේදී (NBQSA) ‘ජීවිත කාලය සඳහා වන සම්මානය’ (‘Lifetime Achievement Award’ ) පිරිනමන ලදී. මෙයටඅමතරව ඔහුගේ සමාජසේවය සඳහා විවිධ සංවිධාන වලින් බොහොමයක් උපහාර ලබා දී තිබේ.
Why Do I recommend him
මා දන්නා පරිදි මනෝ සේකරම් වියවසයකයෙකු ලෙස මුදල් පසුපස ගිය පුද්ගලයෙකු නොවේ. ඔහු තම ආයතනයේ සේවකයන්ට හොඳින් සැලකීම මගින් 99X Technology ආයතනය ‘25 Great Places To Work in Sri Lanka’ සම්මානය පිටපිට 7ත් වතාවක් දිනා ගත්තේය. තෙවරක් මෙම සම්මානය ආසියානු කලාපය තුල දිනා ගත්තේය. මෙයට අමතරව IT Industry එක ලංකාවේ 5ස් වන විදේශ විනිමය උපයන industry ය කිරීමට ඉමහත් නායකත්වයක් සැපයු පුද්ගලයෙකි.
කෙනෙකු තම ක්ෂේත්රය තුළ ජනප්‍රියත්වයක් හා එතරම් ජයග්‍රහණ රැසක් ලබාගැනීමට, බොහෝ ගුණාංග හා දක්ෂතාවන් සතුවිය යුතුය. එවන් පුද්ගලයන් රටවෙනුවෙන් දේශපාලන ක්ෂේත්රයට අවතීර්ණ වීම අප රටේ දියුණුවටම හේතුවනු ඇතැයි මම විශ්වාස කරමි. එම නිසා, සැමදා කතාව මිස කිසිවක් නොකරන වත්මන් දේශපාළුවන් 225 වෙනුවට, මෙවන් දක්ෂ වැඩකරුවන් පාර්ලිමේන්තු යවා වැඩ කිරීමට ඉඩදිය යුතුයැයි යෝජනා කරමි.
Web Links for more information
Comments from the followers
( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )
Subscribe
Please login to comment
0 Comments
Inline Feedbacks
View all comments