Lt.Colonel (Rtd.) Rathnapriya Bandu

Military and Defense related education from Sri Lanka, India, Malaysia and China.

Name

Lt.Colonel (Rtd.) Rathnapriya Bandu

Educational Qualifications

Military and Defense related education from Sri Lanka, India, Malaysia and China.

Profession

Commissioner of the office for Reparations, Ret. Commission Officer Sri Lanka Army, Director Training - Sri Lanka Civil Security Department

Place of Work

Office for Reparations in Sri Lanka

Brief Description

කර්නල් රත්නප්‍රිය බන්දු යනු මෑත කාලීන රාජ්‍ය සේවකයෙකු ලැබු සුවිශේෂීතම ජනතා ගෞරව සම්මානයෙන් පුද ලද එකම රාජ්‍ය නිලධරියාය. එහි එක් සුවිශේෂීම කරුණක් නම් ඔහු වෙත මෙම ජනතා ගෞරව සම්මානය පුද කරන ලද්දේ වසර තිහක යුද්ධයකට සෘජුවම මැදිහත්ව ජීවත් වූ එයින් පීඩාවට ලක් වූ ඒ වෙනුවෙන් දැන හෝ නොදැන පෙනී සිටි කිලිනොච්චි මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි ජීවත් වූ දමිල ජනතාවගෙන් වීමය. එහි අනෙක් කරුණ නම් කර්නල් රත්නම්ප්‍රිය බන්දු යනු පස්වතාවක් රණ වික්‍රම ( R W P), රණ ශුර (R S P) ආදී ක්‍රියාන්විත රාජකාරියේ දී දැක්වූ අතිවිශිෂ්ට දක්ෂතාවයන් වෙනුවෙන් හමුදාමය සම්මාන වලින් පුද ලද හමුදා නිලධරයෙකු විමය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ අණදෙන නිලධාරි ලෙස කිලිනොච්ච් මුලතිව් යාපනය යන දිස්ත්‍රික්යන්හී ජනතාව වෙත ඔහු කරන ලද අමිල සේවය, සංවර්ධන කටයුතු හා සේවාවන් වෙනුවෙන් එම ප්‍රදේශවල ජනතාව ඇඩූ කදුලින් සමුදෙමින් තම දයාබර නායකයාට සෙනෙහස පුද දෙන අයුරු මෑතදී රෑපවාහිනී ප්‍රවෘත්ති විකාශයන් මගින් දකින තුරුම ඔහු පිලිබදව, ඔහු විසින් කරන ලද සේවය පිලිබද, ඔහු එම ප්‍රදේශ වල දමිල ජනතාවගේ හදවත කෙතරම් තදින් වැලද ගෙන තිබේදැයි බොහෝ පිරිසක් දැන සිටියේ නැත. අතිශය සරල, ප්‍රායෝගික, නිහතමානී මෙම රාජ්‍ය නිලධරයා ඉතා කෙටි කලක් තුල කරන ලද මෙම සුවිශේෂී සේවය තුලින් මුලු මහත් ශ්‍රී ලංකාවට, යුද හමුදාවට මෙන්ම සිවිල් ආරක්ෂක බලකායට පවා තම සේවය කාලය තුල ලබා දුන්නේ අතිශය ගෞරවයක් වන අතර ඔහුගේ මෙම ක්‍රියාවන් ශ්‍රී ලාංකීක සෑම දේශපාලන/ රාජ්‍ය නිලධරයෙකුටම මෙන්ම හමුදා නිලධාරයෙකුටම කැපවීමෙන්, අධිෂ්ධානයෙන් තම ලැබෙන සෑම අවස්ථාවක සෙනෙහසින් තම ජනතාව වෙත ජාතී, ආගම්, කුල බේදයකින් තොරව සේවය කිරීම තුලින් ඕනෑම අයෙකුට මෙවන් ගෞරවක් ලැබිය හැකි බවට මෑත කාලීන ඉතිහාසේ සපයා තිබෙන හොදම පුර්වාදර්ශය සපයා ඇත. එමෙන්ම එය සංහිඳියාව සඳහා දැනට ලෝකයේ හදුනා ගන තිබෙන උසස්ම තලයේ පුර්වාදර්ශයක් ලෙස දෙස් විදෙස් වියතුන්ගේ නිරන්තර ඇගයීමට ලක් වෙමින් තිබෙන අතර කුඩා කල සිටම පාසැල් දරුවන්ගේ සැබෑ නායකත්වය මනසට කාවැද්දීම පිනිස පාසැල් දරුවන්ගේ පෙල පොත් වලට පවා ඇතුලත් කල යුතු ඉහලම ගනයේ සිද්ධි අධ්‍යනයක්ය. මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන මොහු විසින් පෙන්වන ලද සුවිශේෂී නායකත්ව ගුණාංගයන් නිසාම ඔහු නිරන්තරව සම්මානයට පාත්‍ර වෙන අතරම වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකිකයා සදහා දෙරණ විශේෂ ගෞරව සම්මානයත්, ජාත්‍යන්තර සාම පදනම විසින් පිරිනැමූ සාම සම්මානයත් , ශ්‍රී විශ්වකීර්තී ජනභිනන්ධන සම්මානයත් වසරේ විශිෂ්ඨතම තොමසුවට හිමි සම්මානයත් ඔහු වෙත පුද දී ඇත. එමෙන්ම කර්නල් රත්නම්ප්‍රිය බන්දු මේ වනවිට ජාතික සංවර්ධනය , සාමය හා එකමුතුකම වෙනුවෙන් වූ සංවිධානයේ විධායක සභාපති ලෙසත් , ඕස්ට්‍රේලියානු සාම කොන්ග්‍රසයේ සාම තානාපති ලෙසත් , කදුකර සාම සංසදයේ කැදවුම්කරු ලෙසත් කටයුතු කරන අතර සාමය, සංහිදියාව, පෞරුෂ වර්ධනය ,නායකත්වය , පිරිස් හා ආයතන කළමනාකරණය පිලිබද පුහුණු උපදේශකයෙකු ලෙසත් බොහෝ පිරිසකට තම අද්දැකීම් බෙදා හදා දෙමින් ජනතාවට තමන් වැනීම සුවිශේෂී නායකත්ව ගුණාංග වර්ධනය කර ගැනීමට අවශ්‍ය දැනුම සහ මග පෙන්වමින් ලබා දෙමින් සිටී. Military and Strategic Leadership-Sri Lanka Military Academy. Young Officers Course, Junior Command Course and Commando Course (India), Negotiations and Intelligence Operations During Conflict (South Africa), Transitional Justice and Reconciliation Course (Malaysia), Transitional Justice and Reconciliation Course from Sir John Kotelawala Defence University and a Tourism Promotion Course (China).

Why Do I recommend him

එම නිසාම උතුරු නැගෙන හිර ජනතාවගේ හදවත සැබවින්ම හදුනා ගත් කර්නල් රත්නප්‍රිය බන්දු නම් මෙම සුවිශේෂී රාජ්‍ය නිලධරයා, හමුදා සෙන්පතියා ශ්‍රී ලංකාව තුල අමිල සේවක් කරනු ලබන සියලුම රාජ්‍ය නිලධරයන්ට ගෞරවයක් පිනිසත්, සියලුම හමුදා සහ පොලිස් නිලධරයන්ට දිරියක් පිණිසත් , වර්ථමාන දේශපාලකයින්ට ආදර්ශයක් පිණිසත් රටටත්, දැයටත් තිබෙන සැබෑ සෙනෙහස සහ ගෞරවය නිසාම,යුද හමුදා විශේෂ බලකායේ හා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ වසර 29ක අතිවිශිෂ්ට සේවාවකින් පසු විශ්‍රාම ගෙන සිටින හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පුහුණු අධ්‍යක්ෂක වශයෙන් දැවැන්ත සේවාවක් කළා වූ පරිපාලනය හා කළමනාකරණය පිළිබඳ ඉතාමත් පරිණත මෙම සුවිශේෂී නිළධාරීවරයා මීළඟ අප පාර්ලිමේන්තුව නියෝජනය කල යුතු බවට මම යෝජනා කරමි.රට වෙනුවෙන් එතුමා මෙම කාර්යභාරය කැමැත්තෙන් බාරගනී යැයිද සිතමි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x