Justice. M. Ilanchelian

LLB, Attorney at Law, LLM

Name

Justice. M. Ilanchelian

Educational Qualifications

LLB, Attorney at Law, LLM

Profession

High Court Judge, Humanitarian

Place of Work

Trincomalee High Court

Brief Description

යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලන්චේලියන් යනු මෑතකාලයේ ලංකාවේ ඉතා ප්රසිද්ධ විවාදයට තුඩුදුන් නඩු කිහිපයක නිර්භීත තීරණ කිහිපයක් ලබා දුන් විනිසුරුවරයෙකි. එතුමා කිසිවෙකුගේ ආගම, ජාතිය, තරාතිරම, නොබලා යුක්තිය වෙනුවෙන් සැමවිටම පෙනී සිටි අයෙක් වන අතර, ඇතැම් අවස්ථාවලදී තමාගේ ජිවිත ආරක්ෂාවද නොතකා නිර්භයව නිතිය අකුරටම ආරක්ෂා කල පුද්ගලයෙකි. තමාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා එතුමාව ආරක්ෂා කිරීමට ගොස් මියගිය පසු, එම මියගිය පොලිස් නිලධාරියාගේ බිරිදගෙන් සමාව ඇයද සිටීම නිසා, ඔහු ගැන මෑත කාලයේ නිතර අසන්නට දකින්නට ලැබුණි.

Why Do I recommend him

නීතිය අවශ්යපවන්නේ රටක ජනතාවගේ සුභසිද්ධිය, යහපත, වෙනුවෙන් මිස දුෂිත දේශපාලකයන් ආරක්ෂා කිරීමට නොවේ. බොහෝවිට දේශපාලකයන් නීතියේ ආධිපත්යය අතට ගෙන කියාකරන රටක, ඊට එරෙහිව නිර්භීතව තම කාර්යය තරාතිරම නොබලා අකුරට ඉටුකරන්නේ, සැබෑ මිනිසුන්ය, සැබෑ වෘත්තිකයින්ය. එවන් අවංක වෘත්තිකයන් පාර්ලිමෙන්තුවේ සිටිය යුතුම කාලයකි මේ. මොහුගේ නිර්භය සෘජු අපක්ෂපාති ස්වාහාවය නිසා, මොහු අනිවාර්යයෙන්ම අප වෙනුවෙන් හඩක් නැගිය හැකි පුද්ගලයෙක් ලෙස නම් කරමි. නූගත් වංචනික දේශපාළුවන් වෙනුවට, සැමගේ ආදරය දිනාගත්, මෙවන් අවංක නිලධාරීන් පාර්ලිමේන්තුවට යවා අප රට වෙනස් කිරීමට මග පාදමු. එමෙන්ම, ද‍්‍රවිඩ ජාතිකයින් නියෝජනය කිරීමට, ජාති භේදවලින් තොර, මෙවන් නිර්භීත මානවහිතවාදීන් ඉදිරිපත්වීම, රටේ සාමයට මෙන්ම ඔවුන්ගේ ජන ජීවිතයේ යහ පැවැත්මටද උපකාරීවනු ඇත.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
sandaya_priyadarshani
sandaya_priyadarshani
July 24, 2019 10:35 am

මේ සටහන සම්පුර්නයෙන් නියම ප්‍රතිරැපයෙන් බැහැර බව පවසම්

1
0
Would love your thoughts, please comment.x
()
x