Indunil Fernando

MBA (Infrastructure University, Kuala Lumpur) BBA (European Continental University)

Name

Indunil Fernando

Educational Qualifications

MBA (Infrastructure University, Kuala Lumpur) BBA (European Continental University)

Profession

Marketing & Management Professional, Lecturer, Consultant, Social Activist,

Place of Work

A Leading Multinational Telecommunications Company

Brief Description

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලද ඉඳුනිල් ප්‍රනාන්දු මහතා විශිෂ්ට ව්යාපාර කළමනාකරණයෙකු සහ අලෙවිකරණ සහ ව්යාපාර සංවර්ධන වෘත්තිය විශේෂඥයෙකු වේ. දැනට ලංකාවේ ප්‍රමුඛ ආයතනයක නියෝජ්ය සාමාන්‍යාධිකාරී වරයෙකු ලෙස සේවය කරන අතර මිට පෙර වසර විස්සකට අධික කාලයක් ඔහු ලන්කාවේ විවිධ අංශ වල මුල් පෙලේ පුද්ගලික ආයතන ගණනාවක උසස් තනතුරු හොබවා ඇත. රැකියාවට අමතරව රටේ පොදු ජනතාවගේ ජිවන තත්වය නගා සිටුවීමට නිතර කාලය, ශ්රමය සහ මුදල් පරිත්‍යාග කරන ශ්රේෂ්ට මනුෂ්යයෙකි. යටිතල පහසුකම් සංවර්ධනය අංශයේ ජාත්යන්තර කථිකයෙකු ලෙස කටයුතු කරන ඔහු විවිධ ජාත්යන්තර සංවිධාන වල ඉහල නිලතල ස්වේච්ඡාවෙන් දරමින් විශාල සේවයක් ඉටු කරයි. Global Goodwill Ambassadors-USA සංවිධානයේ ආසියානු කටයුතු පිළිබඳ උප සභාපති සහ ශ්‍රී ලංකා පරිච්ඡේදයේ සභාපති ලෙස කටයුතු කරන අතර International Foundation for tolerance සංවිධානයේ උපදේශක මණ්ඩල සාමාජිකයෙකුද වෙයි. ඔහු 2016 දී සමශ්‍රි දේශකිර්ති සම්මානයෙන් පිදුම් ලද අතර දැනට සාමවිනිසුරු වරයෙකු ලෙස සේවය කරයි.

Why Do I recommend him

බුද්ධ ධර්මයේ අගයන් පසුබිම් කරගෙන ජිවත් වන ඉඳුනිල් මහතා අවංක, රටට සැබෑ ආදරයක් ඇති පුද්ගලයෙකි. රටේ පසුගිය වසර ගණනාවක් තිස්සේ සිදු වුන අකර්මන්යතා නැවතීමට පැහැදිලි දර්ශනයක් ඇතිව උර දිය හැකි දක්ෂ කළමණාකරුවෙකු වන මොහු බුද්ධිමතුන්ගේ එකමුතුවකට විශාල දායකත්වයක් දිය හැකි කෙනෙකි. තවද මොහු අමාත්යංශ කළමනාකරණය සදහා දුර දක්නා සහ ප්රයෝගික වැඩ පිළිවෙලක් ස්ථාපිත කිරීමට පැහැදිලි නායකත්වයක් දිය හැකි නිරවුල් මනසක් ඇති පුද්ගලයෙකි. දැනට පවතින දුෂිත පාලන පද්ධති වෙනස් කිරීමට, වෙනත් කිසිම වරප්රසාද බලපොරෝතුතුවක් නොමැතිව රට වෙනුවෙන් සේවයක් කිරීමට ඉදිරිපත් වී සිටින ඉඳුනිල් මහතාට අපේ රටේ දියුණුව සදහා විශාල වශයෙන් සහය දිය හැකි බව මගේ විශ්වාසයයි. රටේ සමාජ ව්යවසායකත්වය, අධ්යාපනය, තොරතුරු තාක්ෂනය වැනි අංශ වල ප්රගතිය වෙනුවෙන් වසර ගණනාවක කළමනාකරණ අද්දැකීම් ඇති මෙවන් දක්ෂයන්ගෙන් ප්රයෝජන ගත යතු වේ.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x