Dr. Sanjiva Weerawarana

PhD in Computer Science – Pardue University- USA, MS Applied Mathematics/Computer Science- Kent State University, BS Applied Mathematics,

Name

Dr. Sanjiva Weerawarana

Educational Qualifications

PhD in Computer Science – Pardue University- USA, MS Applied Mathematics/Computer Science- Kent State University, BS Applied Mathematics,

Profession

ICT Entrepreneur, Computer Architect, Member of Council University of Motaruwa, Founder Chairman, Board of Director Sampath Bank, Software Scientist, IT Lecturer

Place of Work

WSO2, Sampath Bank, University of Moratuwa

Brief Description

ආචාර්ය සංජීව වීරවරන ලොව ප්රකට WSO2 සමාගමේහි නිර්මාතෘ සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. ඔහු 2017 වන තෙක් එහි ප්රධාන විධායක නිලධාරියා විය. WSO2 ආරම්භ කිරීමට පෙර ආචාර්ය සංජීව වීරවරන වසර අටකට ආසන්න කාලයක් IBM Research හි සේවය කළ අතර එහිදී ඔහු නැගී එන කර්මාන්ත ප්රමිතීන් නව්යකරණයන් (Innovation in Emerging Industry Standards ) පිළිබඳ අවධානය යොමු කළේය. IBM හි, ඔහු වෙබ් සේවා (Web Services Platform ) ආරම්භකයින්ගෙන් කෙනෙකු වූ අතර, සමාගමේ පුළුල් තාක්ෂණික නායකත්වය අගයමින් සංජීව 2003 දී IBM තාක්ෂණ ඇකඩමියටද තේරී පත් විය. ආචාර්ය සංජීව වීරවරන වසර ගණනාවක් තිස්සේ ලොව විවෘත මෘදුකාංග සංවර්ධනය සඳහා කැපවී සිටී. 2003 දී ඔහු විසින් ලංකා මෘදුකාංග පදනම (Lanka Software Foundation – LSF) ආරම්භ කරන ලදී. සංවර්ධනය වෙමින් පවතින රටවලින් විවෘත මෘදුකාංග සහභාගීත්වය ප්රවර්ධනය කිරීමේ කාර්යභාරය අගයමින් 2005 අප්රේල් මාසයේදී ඔහු Open Source Initiative (OSI) මණ්ඩලයට තේරී පත් වූ අතර එහි වසර දෙකක් සේවය කළේය. මොරටුව විශ්ව විද්යාලයේ පරිගණක විද්යා හා ඉංජිනේරු අංශයේ අර්ධකාලීනව උගන්වන ආචාර්ය සංජිව, මොරටුව සහ කොළඹ විශ්ව විද්යාල වල කර්මාන්ත උපදේශන මණ්ඩල සාමාජිකයෙකි.

Why Do I recommend him

ආචාර්ය සංජීව වීරවරන යනු ලොව ප්රකට තාක්ෂණ වේදියෙකි. ඔහු ලංකාවේ සයිබර් ආරක්ෂාව සඳහා හමුදාවට උපදේශකයෙකි. තම Blog එක හරහා රටේ දේශපාලනය නිවැරදි මගකට ගැනීමට මග පෙන්වන්නෙකි. ඉතාමත් අවංක එඩිතර නායකයෙකි. එතුමා ඉතා කෙටි කලකින් ලංකාවේ විශාලතම තාක්ෂණ ආයතනයක් නිර්මාණය කර, තම ව්යවසායක හැකියාව සහ දැනුම පෙන්වා ඇත. මෙවැන්නන් රටේ නායකත්වයෙහි සිටීනම් නූගත් දේශපාලුවන්ට අවැසි ලෙස මෙරට සුරා කෑමට නොහැකි වෙනු ඇත. දුර දක්නා දැක්මක් සහිතව රට නව මගකට යොමු කිරීමේ හැකියාව එතුමාට ඇත. එමෙන්ම රටේ කර්මාන්ත දියුණුකිරීමට, සුළුපරිමාණ ග‍්‍රාමීය නිෂ්පාදනවලට විදේශ වෙළඳපොළ සෙවීමට, ඒ සඳහා නවීන තාක්ෂණය යෙදවීමට, ඔහුට කළහැකි දේ බොහෝය. ඔහු වැනි රටට ආදරය කරන, කතාවෙන් නොව ක‍්‍රියාවෙන් ප‍්‍රතිඵල ගෙනෙනා, සුවිශේෂ දක්ෂයින් අප රට පාර්ලිමේන්තුවේ සිටිය යුතුම යැයි මම යෝජනා කරමි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x