Dr. Ranil Senanayake

Phd. In Systems Ecology – University of California, Msc. Entomology, BSc. (Hons) in Marine Biology and Genetics- University of California,

Name

Dr. Ranil Senanayake

Educational Qualifications

Phd. In Systems Ecology – University of California, Msc. Entomology, BSc. (Hons) in Marine Biology and Genetics- University of California,

Profession

Chairman- Earth restoration, Chairman – Rainforest Rescue International, Scientist, Environmental activist, Chairman – Neo Synthesis Research Centre,

Place of Work

-

Brief Description

පරිසර විද්‍යාඥ ආචාර්ය රනිල් සේනානායක යනු ශ්‍රී ලංකාවේ පරිසරයට බොහෝ ආදරය කරන, සුවිශේෂ බුද්ධිමතෙකි. ඔහු තම විශ්ලේෂණාත්මක බුද්ධියෙන් හා දැනුමින් අප රටේ පරිසර පද්ධතිය රැකගැනීමට, ප‍්‍රායෝගිකව යෙදිය හැකි කි‍්‍රයාකාරකම්, බොහෝ ධෛර්ය සම්පන්නව කර ඇත. අගමැති ඩී. එස්. සේනානායක මහතාගේ ඥාතිපුත‍්‍රයෙකු වන ඔහු අප රටේ කාබනික ගොවිතැන පුනර්ජීවනය කළේය. ඔහු පරිහානියට පත් තේ වතු ගෙන, එය ස්වාභාවික වනාන්තරය අනුකරණය කිරීමේ සංකල්පය වන ඇනලොග් වනාන්තරයක් බවට පරිවර්තනය කළේය. සාම්ප්‍රදායික කාබනික ගොවිතැන කෙරෙහි ඔහු තුළ තිබූ දැඩි ආශාව නිසා ලෝක ප්‍රකට පරිසරවේදියෙකු ලෙස අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ ප්‍රවීණයන් තම මව්බිමට ප්‍රවාහනය කිරීමට ඔහුට හැකි වූ අතර, වනාන්තර ආවරණය සමඟ තිරසාර කාබනික ගොවිතැන උපයෝගී කර අක්කර ගණනාවක් ඔහු අස්වද්දා ඇත. රසායනික ද්‍රව්‍යවලට දැඩි ලෙස විරුද්ධ වන ඔහු විෂ පොහොර ආනයනයට එරෙහි සටන්කාමී කාබනික ගොවියෙකි.

Why Do I recommend him

ඔහු වැනි රට වෙනුවෙන් කැපවන සැබෑ දක්ෂයන්ට, බලවතුන්ගේ බාධාවලින් තොරව, රට දියුණු කරන්නට, රටේ කෘෂිකර්මාන්තය දියුණු කරන්නට, ඉඩදිය යුතුය. එනම් එවැන්නන් පාර්ලිමේන්තුවට යැවිය යුතුය. එබැවින් මම ආචාර්ය රනිල් සේනානායක මහතා පාර්ලිමේන්තුවට යැවීමට යෝජනා කරමි.

Comments from the followers

( ඔබ යොදනා සටහන කිසිදු අපේක්ෂකයෙකුට අපහාසාත්මක හා අසත්‍ය නොවන ලෙස යෙදීමට වගබලාගන්න සත්‍ය දෝෂාරෝපණයක් ඇත්නම් සත්‍ය සාක්ෂි සමඟ යොදන්න මහත්මා දේශපාලනයට උචිත ලෙස මෙම අවකාශය වගකීමෙන් භාවිතා කරන්න )

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x