Pkaoh m%ldY lsÍug
To cast your Vote
fuu wjldYh b;d j.lSfuka Ndú;d lrkak
fuys we;=<;a ù we;s fhdacs; kï ish,a, Tn w;rskau úúO fya;= ldrKd mokïj fhdackd lr tjQ kï jk w;r ta ish,a, fyd|ska msßlaid n,d nqoaOsu;aj Tfí Pkaoh Ndú;d lrkak
ඔබට අවශ්‍ය අපේක්ෂකයා / අපේක්ෂකයින් පහත දැක්වෙන ලැයිස්තුව බලා තෝරාගත හැක.
එසේ නැතහොත් නම මෙහි සඳහන් කර සොයාගත හැක.
ඔබට අපේක්ෂකයන් 225ක් දක්වාම ඡන්ද 225ක් මෙහි ප්‍රකාශ කළ හැකි බව සලකන්න (එක් අයෙකුට පමණක් නොවේ)
List of Nominees
Sort Order

205 Votes
Ali Sabri
ඔහු නීති ක්ෂේත්රයේ ප්‍රකට ජනාධිපති නීතිඥයෙකි. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දක්ෂතා දක්වන, සාමය හා සහජීවනය අගයන, උගත් බුද්ධිමත් දක්ෂ කථිකයෙකි. එමෙන්ම අන්තවාදය ප්‍රතික්ෂේප කරන, ශී‍්‍ර ලාංකිකත්වය අගයකරන, දේශපේ‍්‍රමී අදහස් ඇති, මානව හිතවාදියෙකි....

194 Votes
Ariyaseela Wicremanayake
දොන් ආරියසීල වික්‍රමනායක යනු ව්‍යාපාර 6ක මූලාසනය හෙබවූ දක්ෂ ව්‍යාපාරිකයෙකි. ඔහු Master Divers සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂක සහ Pelwatte Dairy Industries සමාගමේහි සභාපති යන තනතුරු දරයි. ඔහු Bogawanthalawa Tea Estates සහ Aitken Spence Plantation Managements Limitedහි අධ්යක්ෂ මණ්ඩලයේ සහ ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනයේ සභා සාමාජිකයෙකු වන අතර නාවික ඉංජිනේරු ඉන්කෝපරේෂන් හි සභා සාමාජිකයෙකි. ඔහු මීට පෙර මව්බිම ලංකා පදනමේ සභාපති, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති, Pelwatte Sugar Colombo PLC අධ්යක්ෂ, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සභා සාමාජික සහ රුහුණු විශ්ව විද්‍යාලයේ සභා සාමාජික විය. ...

208 Votes
Arun Siddharth Mayithreyan
මෑතකදී කරලියට ආ ද්‍රවිඩ තරුණ කණ්ඩායමක නායකයා ලෙස ජනතාව හඳුනාගත් මොහු, විප්ලවකාර සමාජවාදී, මධ්‍යස්ථ හා වෙනස් මත දරණ ද්‍රවිඩ තරුණයෙකි. වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට රුසියාවට ගොස් නැවත මෙරටට පැමිණ, දේශපාලනයට අවතීර්ණ වී බොහෝ විෂයන් පිළිබඳ තනිවම ඉගෙනීමක් කළ ජනමාධ්‍යවේදියෙකි, ගුරුවරයෙකි. ...

11 Votes
Asitha G Punchihewa
Asitha is a professional with international education and exposure. He understands social issues well and analyses it with international contexts. He has the ability to work with any person from rural poor to rich international. He has written over five books on child rights, housing, culture, sexual/reproductive health/tourism, knowledge outsourcing, human trafficking, migration, Islamic extremism and much much more....

159 Votes
Bro. Charles Thomas
සහෝදර චාල්ස් තෝමස් යනු සංගීතයෙන් මෙන්ම තම දේශනාවලින් මිනිසුන්ගේ හදවත නුවණැස අවදිකරන්නට වසර ගණනාවක් පුරා කටයුතු කරනා ජනපි‍්‍රය පුද්ගලයෙකි. කිතුණු භක්තික දක්ෂ ගායකයෙක් මෙන්ම දක්ෂ කථිකයෙක් වන ඔහු සියළු ආගම් පිළිබඳ හැදෑරීම් කර ඒ ඇසුරින් මිනිසුන්ගේ සතුටට සාමයට හා මිනිසුන් යහමග යැවීමට තම හැකියාවන් යොදවන්නෙකි. වෘත්තියෙන් සංගීතය ආශි‍්‍රත ව්‍යාපාරයක් පවත්වාගෙන යන ඔහු, ඊට අමතරව විවිධ මාතෘකා ඔස්සේ ජනතාවට දේශන පවත්වයි. ...

28 Votes
Chandana Gunawardana
Chandana, a visionary leader who transforms people's lives to create greater success & happiness in all areas of life including career, business, health, wealth & relationships by training them with passion, enthusiasm & confidence. His guidance helps to change self-sabotaging patterns and belief systems and his task is grounded in maintaining dignity, believing that each of us can change, improve and grow, regardless of the situation. He has trained thousands of individuals and companies to realize their goals. He is the only Personality Development Trainer to have conducted 125 Free Workshops covering tens of thousands of persons. With over two decade of experience in personality development & corporate training, he has authored over 30 Books to share his knowledge with the audience and has also published 18 audio CDs and 04 DVDs on various subjects. He has contributed as a resource person in a number of very popular TV and Radio programmes and the number exceeds 100. He is an alumni of Universitiy of Sri Jayawardenepura and has a Masters in Communication from PHEI Russia, a Post Graduate Diploma in Creative Thinking from FES France, Post Graduate Diploma in Positive thinking for community empowerment and social marketing UJN India, Post Graduate Diploma in Writership and communication from the University of Sri Jayawardenepura, Trained as a NLP Practitioner in Singapore and Japan and a Trained Practitioner of Spiritual Intelligence Management for productivity in Malaysia....

188 Votes
Chathura Alwis
පරිගණක ඉංජිනේරුවෙකු ලෙස ඉගෙනුම ලැබූ ඔහු 2006 වසර සිට මාධ්‍යවේදියෙකු ලෙස පෞද්ගලික නාලිකාවක සේවය කරයි. “ටෝක් විත් චතුර” “වාදපිටිය” “දෙරණ අරුණ” “ලෝකය සහ ලෝකයෝ” “බිස්නස් ජර්නල්” “ට්වරැවල් විත් චතුර” “යාත් රා” “සංගායනා” ආදී විවිධ වැඩසටහන් ඔස්සේ ජනප්‍රියත්වයට පැමිණ ඇත. ඒ තුළින් ඔහුගේ දැනුම, බුද්ධිය, භාවිතය, සහ කැපවීම විවිධ මට්ටම් ඔස්සේ දැකගත හැක....

30 Votes
Chathuranga Abeysinghe
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මූල්‍යය පිළිබඳ උපාධිය හැදෑරු චතුරංග, එම දෙපාර්තමේන්තුවේ විශිෂ්ඨම ශිෂ්‍යයාට හිමි රන් පදක්කම ලබා ඇත්තෙකි. පෞද්ගලික අංශයේ දත්ත විද්‍යාව පිළිබඳව විශේෂඥයෙකු ලෙස සේවය කරන ඔහු, CYPHER INDIA නැමැති ඉන්දියාවේ පැවතෙන දත්ත විශ්ලේශනය පිලිබඳ විශාලතම සම්මේලනයේ ප්‍රධාන දේශකයෙකු ලෙසද කටයුතු කලේය. මීට අමතරව ඔහු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා උපදේශකවරයෙක් ලෙසද කටයුතු කරයි. CIMA ආයතනයේ සාමාජිකත්වය දරන චතුරංග, ඇමරිකාවේ වරලත් මූල්‍ය විෂ්ලේශක (Chartered Financial Analyst) විභාගයේ දෙවන අදියර සම්පූර්ණ කර ඇත. Skills : Data Analytics, Data Management, Power Pivot and Power BI, Data Visualization, Financial management, SAP FICO, IT Infrastructure, Legal processes, Bank financing and WC management, Financial and Management Accounting, Corporate finance, Vendor management, Project management, Business and financial Analysis, Indian set up for Business ( Investment, Taxes and legal), Communication, Team work...

72 Votes
Chirantha Kanchana Peramunage
Graduate student currently studying Masters in Energy Informatics at FH Hagenberg Campus, Upper Austria. IT/ Engineering professional with 4 years of experience working in different organisations. A volunteer & a humanitarian. First Sri Lankan student to study in the field of Energy Informatics. Proud Sri Lankan expatriate currently living in Austria. ...

156 Votes
Deepal Sooriyaarachchi
ඔහු රටේ බොහෝ දෙනෙක් හඳුනන, ජනමාධ්‍යවලින් හමුවන, ජනපි්ිරය, දක්ෂ කළමනාකරණ උපදේශකවරයෙකි. විවිධ ආයතන හා සංස්ථාවල සේවය කර, අධ්‍යක්ෂක හා සභාපති තනතුරු දැරූ, දේශීය හා විදේශීය බොහෝ අත්දැකීම් සහිත, කළමනාකරණ හා සංවර්ධන උපදේශකවරයෙකි. ගත්කතුවරයෙකි. පුහුණුකරුවෙකි. දක්ෂ කථිකයෙකි. දුරදර්ෂී කළමනාකරණ නායකත්ව ලක්ෂණ බොහොමයක් මෙන්ම, මිනිසුන් සමඟ සුහදව, මිත්රශීලීව වැඩකිරීමේ හැකියාවද, ඔහු සතු වේ. මිනිසුන් ධනාත්මක කරවීමට මෙන්ම, කතාව සිහින පමණක් නොව ප්‍රතිථල දායක වීමටද, ඔහු රටට ප්‍රශංසනීය දායකත්වයක් සපයයි....

340 Votes
DIG. M R Latheef
ඞීඅයිජී ලතීෆ් නමින් බොහෝ ප්‍රකට එතුමා ළඟදී සේවයෙන් විශ්‍රාම යෑමට නියමිත එස්ටීඑෆ් නියෝජ්‍ය පොලිස්පතිවරයාය. එතුමා මෙරට නීතිය ප්‍රතිස්ථාපනය කිරිමටද අපරාධ වංචා දුෂණ මත්ද්‍රව්‍යවලට එරෙහිවද රටට කර ඇති සේවය ඉතා විශාලයි. ඔහුව විශ්‍රාම ගියද නැවත ජනතා සේවයට දේශපාලනයෙන් හෝ ගෙන එන්න ලැබේ නම් එය රටට ලොකු යහපතකි. මත්ද්‍රව්‍ය හා අපරාධ පිටුදැකීමට ඔහුගේ නිර්භීත සේවය රටට අත්‍යවශ්‍යයි. ඔහු වැනි දක්ෂයින් විශාම ගොස් සිටීම අපරාධයකි....

22 Votes
Dr Ajantha De Silva
He is very talented, skilled and a mature person....

44 Votes
Dr. Ajantha Perera
ඇය පරිසර විද්යාඳවරියකි සහකාර මහාචාර්යවරියකි අපද්‍රව්‍ය කළමණාකරණය පිළිබඳ බොහෝ කටයුතු කරනා පරිසරවේදිනියකි තමා කරනා කටයුත්ත ඉතා උනන්දුවෙන් අවංකව හා කැපවීමෙන් ඉටුකරන්නියකි දෙස් විදෙස් විවිධ රටවල සංචාරය කර එම රටවල අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ බොහෝ අත්දැකීම් ලබාගත් තැනැත්තියකි ලංකාවේ පරිසර පද්ධතිය රැුකගැනීමට බොහෝ වෙහෙස වන අයෙකි ...

756 Votes
Dr. Ajith Colonne
මෑතකදී පොදු ජනතාව විසින් මාද්‍ය ඔස්සේ අහම්බෙන් හඳුනා ගත් නමුත්, මෙතුමා එල්ටීටීඊ සටන් පැවතුනු කාලයේ රාජ්‍ය බුද්ධි සේවය තුලින්, වසර ගනනාවක් පුරා නිහඬවම, රටට සුවිශේෂ සේවාවක් කල අයෙකි. තම සේවා කාලය තුල කීර්තිමත් රාජ්‍ය සේවකයෙකු ලෙස නමක් දිනා ඇති මෙතුමා, මේ වනවිට බුද්ධි අංශයෙන් විශ්‍රාම ගොස් සිටී. මුලින්්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ කථිකාචාර්යවරයෙකු වශයෙන්ද, ඉන්පසු ලෝ ප්‍රකට IBM සමාගමේ අවුරුදු 13ක්ද, මූල්‍ය ක්ෂේත්රයේ ආයෝජන උපදේශකයෙකු වශයෙන්ද, කොතලාවල ආරක්ෂක පීඨයේ කථිකාචාර්යවරයෙකු වශයෙන්ද, රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්යක්ෂකවරයෙකු් වශයෙන්ද, ඔස්ටේ්රලියානු තානාපති කාර්යාලයේ වෙළඳ කොමසාරිස්වරයා වශයෙන්ද, ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන්ද, ජාතික වෘත්තීය පුහුණූ අධිකාරියේ සභාපතිවරයා වශයෙන්ද, රාජ්‍ය බුද්ධි තොරතුරු විශ්ලේෂකයෙකු වශයෙන්ද සේවය කර ඇත. මේ වනවිට ඔහු ආරාධිත දේශකයෙකු වශයෙන්, කලමනාකරණය, ආර්ථික විද්ද්යාව, ආදී බොහෝ විෂයන් පිලිබඳ දේශන මෙහෙයවමින්, නව පරපුරට තම දැනුම බෙදා දෙනු ලබයි. ...

237 Votes
Dr. Dayan Rajapaksha
වෛද්‍ය දයාන් රාජපක්ෂ යනු ශී‍්‍ර ලාංකික වෛද්‍යවරයෙකු, අධ්‍යාපනඥයෙකු සහ ව්‍යාපාරිකයෙකු වශයෙන් ක්ෂේත්රයන් කිහිපයක් තුළ ජයග්රහණයන් රැසක් ලැබූවෙකි. ඔහු ශී‍්‍ර ලංකාවේ පෞද්ගලික අංශයේ අධ්‍යාපන ආයතනයක් වන ඊසොෆ්ට් පරිගණක අධ්‍යයන ආයතනයෙහි කළමනාකාර අධක්ෂවරයාද වේ. කුරුණෑගල මලියදේව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ඔහු 1999 දී කොළඹ වෛද්‍ය පීඨයෙන් එම්බීබීඑස් වෛද්‍ය උපාධියද ලබා ගත්තේය. ඉන් අනතුරුව පරිගණක ක්ෂේත්රයේද මනා අධ්‍යාපනයක් ලැබූ ඔහු මෙ වනවිට විවිධ අයතනයන්හි තනතුරු බොහොමයක් හොබවමින්, පරිගණක ක්ෂේත්රයේ කථිකාචාර්යවරයෙක් වශයෙන්ද කටයුතු කරමින් සිටී. ...

198 Votes
Dr. Harsha Subasinghe
නවතම වේගා (VEGA) රථයේ කීර්තිමත් නිපැයුම්කරුවා වන ඔහු CodeGen සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ, සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියාද වන අතර ඔහු තම ව්‍යාපාරය මේ වන විට ශ්‍රී ලංකාව, එක්සත් රාජධානිය, කැනඩාව සහ එක්සත් ජනපදය පදනම් කරගත් කාර්ය මණ්ඩල සාමාජිකයින් පන්සියයකට (500) අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය කර තිබන අතර ඉහළ කාර්යසාධනයක් සහිත විසඳුම් ලබා දීමටද එම සමාගම ප්‍රසිද්ධය. එමෙන්ම ඔහු UDA සමඟ මූලිකත්වය ගෙන කටයුතු කරමින් හරිත, පරිසර හිතකාමී, බලශක්ති කාර්යක්ෂම පිරිසැලසුම් සහ නවෝත්පාදන සමාගම් ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු සඳහා ඉලක්ක කර ගත් ජාත්‍යන්තර මට්ටමේ අවකාශයන් සැකසීමට උපකාර කරයි. දේශීය හා නාගරික ප්‍රදේශවල කෘෂිකාර්මික කර්මාන්තය ප්රශස්ත කිරීම සඳහා ප්‍රබල විසඳුමක් ලෙස පළිබෝධනාශක රහිතව සිරස් කෘෂිකර්මාන්ත (Hydroponic vertical farming) කරණයේ පෙරලියක් කල AiGrow (https://aigrow.lk/) හි නිර්මාතෘ වරයාද ඔහුය. එමෙන්ම පරිසර හිතකාමී විදුලි වාහන සඳහා ආරෝපණ මණ්ඩල (Charging Systems ) නිපදවන https://chargenet.lk/ ව්‍යාපාරයේ නිර්මාතෘ වරයාය. ...

50 Votes
Dr. Piyavi Wijewardene
Dr Piyavi is a dreamer and experienced researcher who believes in change. He has taken many initiatives to change media industry and keep sharing novel knowledge to society in a creative way....

178 Votes
Dr. Ranil Senanayake
පරිසර විද්‍යාඥ ආචාර්ය රනිල් සේනානායක යනු ශ්‍රී ලංකාවේ පරිසරයට බොහෝ ආදරය කරන, සුවිශේෂ බුද්ධිමතෙකි. ඔහු තම විශ්ලේෂණාත්මක බුද්ධියෙන් හා දැනුමින් අප රටේ පරිසර පද්ධතිය රැකගැනීමට, ප්‍රායෝගිකව යෙදිය හැකි කි‍්‍රයාකාරකම්, බොහෝ ධෛර්ය සම්පන්නව කර ඇත. අගමැති ඩී. එස්. සේනානායක මහතාගේ ඥාතිපුත්රයෙකු වන ඔහු අප රටේ කාබනික ගොවිතැන පුනර්ජීවනය කළේය. ඔහු පරිහානියට පත් තේ වතු ගෙන, එය ස්වාභාවික වනාන්තරය අනුකරණය කිරීමේ සංකල්පය වන ඇනලොග් වනාන්තරයක් බවට පරිවර්තනය කළේය. සාම්ප්‍රදායික කාබනික ගොවිතැන කෙරෙහි ඔහු තුළ තිබූ දැඩි ආශාව නිසා ලෝක ප්‍රකට පරිසරවේදියෙකු ලෙස අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ ප්‍රවීණයන් තම මව්බිමට ප්‍රවාහනය කිරීමට ඔහුට හැකි වූ අතර, වනාන්තර ආවරණය සමඟ තිරසාර කාබනික ගොවිතැන උපයෝගී කර අක්කර ගණනාවක් ඔහු අස්වද්දා ඇත. රසායනික ද්‍රව්‍යවලට දැඩි ලෙස විරුද්ධ වන ඔහු විෂ පොහොර ආනයනයට එරෙහි සටන්කාමී කාබනික ගොවියෙකි. ...

51 Votes
Dr. Ravi A. Fernando
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඔහු 2007 දී Climate Leadership, 2008 දී Sustainable Business පිළිබඳ පශ්චාත් උපාධියක් සහ 2014 දී Sustainability Leadership පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සම්පූර්ණ කර ඇත. ඔහු 2016 ස්විට්සර්ලන්තයේ විශ්ව විද්‍යාලයක ව්‍යාපාර පරිපාලන පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත. එමෙන්ම ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් MBA උපාධියක්ද ලබා ඇති අතර FCIM එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකයෙක් ද වේ. 2007දී ඔහු World Strategy Summit සමුළුවේ “Global Strategy Leadership award” දිනා ගත් අතර 1981 සිට 2008 දක්වා අප්රිකාවල මැදපෙරදිග සහ ආසියාව පුරා විවිධ බහුජාතික සමාගම් සමඟ සේවය කරමින් බහු ජාතිකයන් සහ දේශීය ව්‍යාපාර සමඟ ඔහුගේ වෘත්තීය පරිණතිය ලබා ඇත. එමෙන්ම ඔහු MAS Holdings ආයතනයේ CEO Corporate Branding & Sustainability (2003-2008) ලෙස ගෝලීය වශයෙන් සම්මානනීය ’Go beyond’ & ’Eco-Go beyond වැඩසටහන්ද, MALAYSIA BLUE OCEAN STRATEGY INSTITUTE 2011-2015 ආයතනයෙහි මෙහෙයුම් අධ්‍යක්ෂක වශයෙන්- සංවිධානය ගෝලීයව වෙනස් කිරීම සඳහා මැලේසියානු රජයට උපදෙස් දෙමින් බ්ලූ ඕෂන් ක්‍රමෝපායේ නිර්මාතෘවරුන් සමඟද සේවය කර ඇත. ඔහු 2010 දී UN Global Compact Sri Lanka network යේ නිර්මාණය කළ අතර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා මණ්ඩලයේද අධ්යක්ෂවරයෙකි. ඔහු වියට්නාමය, ශ්‍රී ලංකාව සහ චීනය යන රටවල ක්‍රියාත්මක වන Global Strategic Corporate Sustainability සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරියා වේ. එමෙන්ම ඔහු LOLC Holdings Ltd, Habitat for Humanity, Ceylon Asset Management & Aitkin Spence Plantations Ltd සමාගම්වල අධ්යක්ෂ මණ්ඩලවල සේවය කරයි. 2005 සිට මේ දක්වා INSEAD International Directors වැඩසටහනේ සහ INSEAD Advanced Management වැඩසටහනේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ‘Strategic Corporate Sustainability’යන විෂය උගන්වන අතර 2010 සැප්තැම්බර් සිට මේ දක්වා INSEAD සමාජ නවෝත්පාදන මධ්‍යස්ථානයේ නේවාසික විධායකයෙකි. 2015 නොවැම්බරයේදී ‘Strategic Corporate Sustainability – 7 Imperatives for Sustainable business’ ප්‍රකාශයට පත් කළේය. ...

299 Votes
Dr. Sanjiva Weerawarana
ආචාර්ය සංජීව වීරවරන ලොව ප්‍රකට WSO2 සමාගමේහි නිර්මාතෘ සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. ඔහු 2017 වන තෙක් එහි ප්‍රධාන විධායක නිලධාරියා විය. WSO2 ආරම්භ කිරීමට පෙර ආචාර්ය සංජීව වීරවරන වසර අටකට ආසන්න කාලයක් IBM Research හි සේවය කළ අතර එහිදී ඔහු නැගී එන කර්මාන්ත ප්රමිතීන් නව්‍යකරණයන් (Innovation in Emerging Industry Standards ) පිළිබඳ අවධානය යොමු කළේය. IBM හි, ඔහු වෙබ් සේවා (Web Services Platform ) ආරම්භකයින්ගෙන් කෙනෙකු වූ අතර, සමාගමේ පුළුල් තාක්ෂණික නායකත්වය අගයමින් සංජීව 2003 දී IBM තාක්ෂණ ඇකඩමියටද තේරී පත් විය. ආචාර්ය සංජීව වීරවරන වසර ගණනාවක් තිස්සේ ලොව විවෘත මෘදුකාංග සංවර්ධනය සඳහා කැපවී සිටී. 2003 දී ඔහු විසින් ලංකා මෘදුකාංග පදනම (Lanka Software Foundation - LSF) ආරම්භ කරන ලදී. සංවර්ධනය වෙමින් පවතින රටවලින් විවෘත මෘදුකාංග සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමේ කාර්යභාරය අගයමින් 2005 අප්‍රේල් මාසයේදී ඔහු Open Source Initiative (OSI) මණ්ඩලයට තේරී පත් වූ අතර එහි වසර දෙකක් සේවය කළේය. මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අංශයේ අර්ධකාලීනව උගන්වන ආචාර්ය සංජිව, මොරටුව සහ කොළඹ විශ්ව විද්‍යාල වල කර්මාන්ත උපදේශන මණ්ඩල සාමාජිකයෙකි. ...

15 Votes
Dr. Sisira Ranatunga
නිෂ්පාදන ඉංජිනේරුවෙකු මෙන්ම, රටේ ප්රමුඛ රබර් නිෂ්පාදන අපනයන ආයතනයක ප්‍රධාන විධායක නිලධාරී වන, ආචාර්ය සිසිර රණතුංග මහතා රටට ජාතියට බොහෝ ආදරය කරන දේශපේ්්රමියෙකි, එමෙන්ම ඉතා දක්ෂ කළමනාකරුවෙකි. ...

59 Votes
Dr. Tharmalingam Kirubendran
ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. මානවහිතවාදියෙකි. චිත්‍ර කලාවට හා සංගීතයට ලැදි දක්ෂ කලාකරුවෙකි. ජාතිභේදයෙන් තොර, යහපත් ආකල්ප පිරුණු මිනිසුන් සිටින, සියළු ජාතීන් සමගියෙන් වෙසෙන, සාමකාමී ශී‍්‍ර ලංකාවක් ගොඩනැගීමට වෙහෙසෙන අයෙකි. උතුරේ හා දකුණේ ජනජීවිතය හොඳින් හඳුනන ඔහු වැනි සාමයට ලැදි තරුණ උගතුන් ජාතික සමගියටද පාලමක් වේ. ඔහු සාමාන්‍ය වැසියා සමඟ සමීපව, මහපොළොවේ පයගසා ජීවත්වන, අහංකාරයෙන් තොර, නිහතමානී, සරල මිනිසෙකි. ...

394 Votes
Dr. Ven. Mawarale Bhaddiya
ශාස්ත්‍රපති අති පූජ්‍ය මාවරලේ භද්දිය නාහිමියන් වහන්සේ වසර ගණනාවක් බුදු දහම ප්‍රගුණ කොට, දහම් සේවාවේ හැසිරෙමින් සිටින, දක්ෂ තරුණ චතුර කථික හිමි නමකි. තම තරුණ වයසේදීම භික්ෂු පුහුණු මධ්‍යස්ථාන ගණනාවක නිර්මාතෘ හා විහාරාධිපති ධුරයන් හා ශාසනික සහ සමාජ සේවා රැසක ප්‍රධාන සංඝනායක පදවින් දැරිම උන්වහන්සේගේ උනන්දුව කැපවීම කාර්ය ශූරත්වය හා නායකත්ව ලක්ෂණ මැනවින් පෙන්වයි. විශේෂයෙන්ම උන්වහන්සේ ඒ සියල්ලේදීම තම විනය රැකගනිමින්, තරුණ පරපුරට දේශපේ‍්‍රමීව ඉතා සාමකාමී සාර්ථක මගපෙන්වීමක් කරන සේක....

213 Votes
Dr. Vinya Ariyaratna
වෛද්‍ය වින්යා ආරියරත්න මහතා ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරයි. සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සමග දශක තුනකට වැඩි කාලයක් තිස්සේ සමීපව කටයුතු කළ අතර ශ්‍රී ලංකාවේ සෑම දිස්ති්රික්කයකම ජනතාවගේ සංවර්ධනයට ඉමහත් දායකත්වයක් ලබා දුන්නේය. වර්තමානයේ සර්වෝදය ව්‍යාපාරයේ සභාපති ලෙස ඔහු කටයුතු කරයි. ඔහු ජාත්‍යන්තරව පිළිගත් පුද්ගලයෙකුද වන අතර අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විවිධ ජාත්‍යන්තර සමුළුවලට ඇමතීමට ආරාධනාද ලබා ඇත. ඔහු නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි. මෑතකදී ඔහුගේ පාසලේ *සම්මානයෙන් පිදුම් ලැබීය. Dr Vinya Ariyaratne is a qualified medical doctor who is specialized in community medicine. He closely worked with Sarvodaya Shramadana movement for more than three decades and contributed immensely towards people development in all districts in Sri Lanka. He currently serves as the President for Sarvodaya Movement. He is well recognized internationally and being invited to address various global forums including UN. He is an old boy of Nalanda College and recently he was felicitated by the school’s OLd Boys Association for his great achievements ....

62 Votes
Ex. Air Chief Marshal Harsha Abeywickrema
Air Chief Marshal Abeywickrama has an admirable record in active combat, and spent most of his career in operational command appointments in the North and East including those of Commanding Officer of the No 5 Jet Squadron, Commandant of the prestigious No 1 Flying Training Wing, Commanding Officer of Sri Lanka Air Force Palaly, Base Commander of Air Force Bases China Bay, Anuradhapura & Rathmalana and Zonal Commander East. He was also instrumental in establishing and heading the Air Wing of the Defence Services Command & Staff College. With the flying operations under his command as the Director Operations, he revolutionized the operational doctrine of the SLAF. The most notable was the establishment of a Battle Management Centre integrating the UAV, RADAR and other airborne observation platforms providing real time intelligence and introducing new concepts of target acquisition commanded by Air Headquarters including target to weapon matching, resulting in changing the strategy of air attack and the rapid development of SLAF’s air defence capability. This revolutionary transformation was the driving force behind the many decisive and successful air operations during the final stages of the nearly 30-year long separatist conflict of Sri Lanka. Air Chief Marshal Abeywickrama is a graduate of the Air Command & Staff College at Air University, Maxwell Air Force Base, Alabama, USA and the Royal College of Defence Studies, London, UK. He holds a Master of Arts degree in International Studies from King’s College, University of London, and a Master of Science degree in Management from Kotelawala Defence University, Sri Lanka. He is an A2 graded Qualified Flying Instructor and holds a Commercial Pilot’s License with an Instrument Rating. Air Chief Marshal Abeywickrama is a decorated combat pilot. His gallant and selfless contribution during the separatist conflict has earned him the prestigious “Rana Wickrama Padakkama (Combat Gallantry Medal)” twice and the “Rana Sura Padakkama (Combat Excellence Medal)”. In recognition of his outstanding contribution to the nation he has been awarded the “Uttama Seva Padakkama (Meritorious Service Medal)” and the “Vishishta Seva Vibhushanaya (Distinguished Service Decoration)”. His philosophy of personal leadership is radiated amongst those commanding the various elements of the SLAF providing the necessary guidance and support to meet their goals for the wellbeing of the organization....

123 Votes
Gamini Nanda Gunawardana
රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ නිපුණත්වය ලැබූ වරලත් යාන්ත්‍රික ඉංජිනේරුවෙකු වන ඔහු, බොහෝ අධ්යක්ෂ මණ්ඩලවල සාමාජිකයෙකු වශයෙන්ද, විවිධ දෙස් විදෙස් සංවිධාන, රාජ්‍ය අංශයේ සංස්ථා, අමාත්‍යාංශ ආදියෙහිද විවිධ තනතුරු දරා ඇත. එමෙන්ම මෘදුකාංග ව්‍යාපෘති කළමනාකරණය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය, ව්‍යාපාර ක්‍රියාවලි ප්රතිනිර්මාණ අධ්‍යයනය, තොරතුරු තාක්ෂණ උපදේශනය, කළමනාකරණ උපදේශනය, ආයතනික සැලසුම්කරණය, ආයතනික පුහුණුව සහ නිපුණතා සංවර්ධනය, නව ව්‍යාපාර සහ ආයෝජකයින් සඳහා පහසුකම් සැපයීම, ආදී විෂයන් පිළිබඳවද ප්රමුඛ දෙස් විදෙස් ආයතනයන්හි දේශකයෙකු වශයෙන්ච කටයුතු කරයි. තවද "නායකත්වය සහ ක්රමෝපායන්" පිළිබඳ ජාතික පුවත්පත් වලට ඔහු නිතිපතා හරවත් ලිපි රචනා කරන අතර ශ්‍රී ලාංකිකයන්ගේ මූලික ජාතික ගැටළු පිළිබඳව රූපවාහිනී හා ගුවන්විදුලි සාකච්වඡාවලදී නිතිපතා හමුවන්නෙකි. ඩේලි මිරර් පුවත්පතේද "සික්ස්ත් සෙන්ස්" නම් වූ ජනපි‍්‍රය ලිපිපෙළක් රචනා කරන අතර "සිසු සවිය" නම් වූ පාසල් ශිෂ්‍ය සංවර්ධන වැඩසටහන හරහාද ශ්‍රී ලාංකික අනාගත නායකයින් සංවර්ධනය කිරීමේ කටයුතුවලට බොහෝ වෙහෙසී කටයුතු කරන්නෙකි. ...

510 Votes
Gamini Wijesinghe
ශ්‍රී ලංකා ජනරජයේ 40 වන විගණකාධිපතිවරයා (2015-2019) ලෙස කටයුතු කළ ඔහු රාජ්‍ය සේවයේ අවුරුදු 35 ක්ම සේවය කර ඇත. ඊට පෙර ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් ධුරය හෙබවූ ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අවුරුදු 28 ක්ද සේවය කර ඇත. රාජ්‍ය පරිපාලන සේවයේ කීර්තිමත් නිලධාරියෙක් ලෙසද කටයුතු කර ඇති ඔහු ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේද සාමාජිකයෙකි. කළමණාකරණය හා ගිණුම්කරණය, ගිණුම් විගණනය හා අධීක්ෂණය, රාජ්‍ය පරිපාලනය හා ආර්ථික විද්‍යාව පිළිබඳව දෙස් විදෙස් විශ්වවිද්‍යාල වල හදාරා ඇති ඔහු තුල එම විෂයන් පිළිබඳ මනා පරිණත වෘත්තීය දැනුමක්ද සතුව ඇත. එමෙන්ම කුඩා කළ ග්‍රාමීය ප්‍රදේශයක ඉපිද හැදී වැඩුණු ඔහු නාගරික ජීවිතය මෙන්ම සාමාන්‍ය ජනතාවගේ දිවි පෙවෙතද හොඳින් හඳුණයි. ...

19 Votes
Gayan Kosala Fernando
* Dip in Psychology University of Peradeniya, Dip in management AAT Srilanka * corporate Level student of Institute of Chartered Accountant of Srilanka * Dip in Banking & Finance මේ අපගේ සිවු හෙලයත් සම්බුද්ධ ශාසනයත් විශ්වයේ උතුම්ම පින්බිම වූ මේ ලක් මවටත් පන දෙවැනි කොට ආදරය කරන අයෙක්මි. මේ සොභාදහමට පරිසරයට ආදරය කරන, නිබදවම මානසික දියුනුව හා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධියට කැපවෙන ග්‍රන්ත,ගීත හා විචාරයන් කරන සාහිත්‍යය රසාස්වාදියෙකි. මානුශීය ගුනධර්ම ඉහලින් අගයන සැමට සමානව සිතන ප්‍රසිද්ධ බුදු දහමට වඩා ගැබුරු බුදු දහ්මෙන් ලොව දකින නිදහස් චින්තනයක් ඇති තරුනයෙකි. බුදු දහමේ මග පෙන්වීම ඔස්සේ පැරනි අපේ පැවති හෙල තාක්ශනය ගවේෂණය කොට එය නවීන විද්‍යාව සමග බද්ධ කොට විස්තර කිරීමට උත්සහ දරන ගවේශකයෙකි. තනතුරට වඩා ආත්මගතව අපට මේ දේශය වෙනුවෙන් පරපුරින් පරපුරට අපේ ජාන ගතව පැමිනි යුතුකම් සමුදාය පිලිබද අවදානය යොමු කරන්නෙකි. සරල දුප්පත් පදනමක සිට පැමිනි විශ්වීය වශයෙන් සිතන අයෙක්මි....

336 Votes
General R.M. Daya Ratnayake
ජෙනරාල් ආර්. එම්. දයා රත්නායක, WWV, RWP, RSP, USP, ndu, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙහි 20වන හමුදාපතිවරයා විය. 6 වන බලඇණිය ශ්‍රී ලයිට් පාබල රෙජිමේන්තුවට අණ දුන්නේ ය. නැගෙනහිර පළාතේ 23 වන පාබල සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙස ඔහු සේවය කළේය. වකෙරේ සහ තොප්පිගල විමුක්ති ව්‍යාපාරවල මෙහෙයුම්වලදී ඔහුට වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයාගේ කාර්යාංශය යටතේ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් 12000 ක් පුනරුත්ථාපනය කිරීම සඳහා ඔහු පුනරුත්ථාපන කොමසාරිස් ධුරය දැරීය. ශ්‍රී ලංකා යුද හමුදා ඇකඩමියේ අණදෙන නිළධාරීවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනමාධ්‍ය හා හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුලු ඔහුගේ අනෙකුත් සැලකිය යුතු පත්වීම් ලබා ඇත. 2013 අගෝස්තු 1 වන දින ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වන ආඥාපති බවට පත් වූ අතර ලුතිනන් ජෙනරාල්වරයෙකුගේ ධූරයට උසස් වීමක් ලබා ඇත. He commanded the 6th Battalion Sri Light Infantry Regiment.He served as the General Officer Commanding of 23 Infantry Division in the Eastern province. He played important roles in the operations of Liberations of Vakare and Thoppigala. He also held the post of the Commissioner General Rehabilitation for rehabilitation of 12,000 ex-LTTE combatants under the Bureau of the Commissioner General Rehabilitation. His other notable appointments include Commanding Officer of Sri Lanka Military Academy and Director Media and Military Spokesman for the Ministry of Defence. On 1 August 2013, he became the 20th commander of the Sri Lanka Army and promoted to the post of a Lieutenant General simultaneously...

31 Votes
Indika Gamage
ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සදහා නවලොව නව අවස්ථා දිනාගනිමින් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට උත්සුක වන්නෙක් වන අතර රටේ අදායම ඉහල නැංවීම සදහා වෘත්තිකයන්ගේ මැදිහත් වීම වැඩිකිරීමටත් ඒ වෙනුවෙන් ප්‍රථම තොරතුරුතාක්ෂණ වැඩපිළිවෙල ඉදිරිපත් කල කණ්ඩායමේ ප්‍රධානියා ලෙසත් කටයුතු කළේය . ETCA/CEPA සටනේදී වෘත්තිකයන් වෙනුවෙන් පෙනීසිටි නායකයෙකි. තොරතුරු පනත මහජනයාට වඩා යෝග්‍ය තත්වයට ගෙන ඒම සදහා නිතිය ඉදිරියට ගිය අතර තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංවිධානයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරයි සාධාරණය යුක්තිය ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් නිතරම හඩ නගන්නෙකි. ...

14 Votes
Indunil Fernando
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලද ඉඳුනිල් ප්‍රනාන්දු මහතා විශිෂ්ට ව්‍යාපාර කළමනාකරණයෙකු සහ අලෙවිකරණ සහ ව්‍යාපාර සංවර්ධන වෘත්තිය විශේෂඥයෙකු වේ. දැනට ලංකාවේ ප්රමුඛ ආයතනයක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයෙකු ලෙස සේවය කරන අතර මිට පෙර වසර විස්සකට අධික කාලයක් ඔහු ලන්කාවේ විවිධ අංශ වල මුල් පෙලේ පුද්ගලික ආයතන ගණනාවක උසස් තනතුරු හොබවා ඇත. රැකියාවට අමතරව රටේ පොදු ජනතාවගේ ජිවන තත්වය නගා සිටුවීමට නිතර කාලය, ශ්‍රමය සහ මුදල් පරිත්‍යාග කරන ශ්‍රේෂ්ට මනුෂ්‍යයෙකි. යටිතල පහසුකම් සංවර්ධනය අංශයේ ජාත්‍යන්තර කථිකයෙකු ලෙස කටයුතු කරන ඔහු විවිධ ජාත්‍යන්තර සංවිධාන වල ඉහල නිලතල ස්වේච්ඡාවෙන් දරමින් විශාල සේවයක් ඉටු කරයි. Global Goodwill Ambassadors-USA සංවිධානයේ ආසියානු කටයුතු පිළිබඳ උප සභාපති සහ ශ්‍රී ලංකා පරිච්ඡේදයේ සභාපති ලෙස කටයුතු කරන අතර International Foundation for tolerance සංවිධානයේ උපදේශක මණ්ඩල සාමාජිකයෙකුද වෙයි. ඔහු 2016 දී සමශ්රි දේශකිර්ති සම්මානයෙන් පිදුම් ලද අතර දැනට සාමවිනිසුරු වරයෙකු ලෙස සේවය කරයි. ...

112 Votes
Isuru Subasinghe
ඉසුරු සුබසිංහ (37, විවාහක) හැදී වැඩුණේ ති්රකුණාමළය නාවික කඳවුරේ ය. ජපන් විශ්ව විද්‍යාලයක ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මූලික උපාධියද එක්සත් ජනපද විශ්ව විද්‍යාලයක අළෙවිකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කර ඇත. මේවනවිට ඔහු නවෝත්පාදන උපදේශකයෙකු ලෙස විශාල සමාගම්වල සහ ජපාන රජයට සේවය කරයි. ඔහුගේ ඔහුගේ පියා ශ්‍රී ලංකා නාවික හමුදාවේද මව ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු ප්‍රාථමික පාසලේ විදුහල්පතිනිය ලෙසද සේවය කර විශ්‍රාම ලබා ඇත. කුඩා කළ සිටම තම මාතෘ භූමිය දැඩි ආදරයකින් හැදී වැඩුණු ඔහු මනා විනයක් හා හික්මීමක්ද ඇති, වගකීම් සහගත තරුණයෙකි. ...

27 Votes
Janaka Athauda
රටට සහ රටේ අනාගත දුවා දරුවන් හට තාක්ෂණය සහ විශය දැනුම ලබා දෙමින් නිහඩ සේවයක් කරනා තවත් එක් නිහඩ විරුවෙකි. පවත්නා දේශපාලනයට විරුද්ධ අන්තගාමී නොවූ මධ්‍යස්ථ මතධාරී පුද්ගලයෙකි. ස්වයං රැකියා කිරීමට තරුණ පරපුර යොමු කිරීම සදහා පුහුනු වැඩසටහන් පවත්වමින් රටේ විවිද ප්‍රදේශවල සැරිසරන ඔහු අඩු ආදායම්ලාභී දරුවන් සදහා තම නිවසේ පන්ති පවත්වන physics ගුරුවරයෙකි....

26 Votes
Jayantha Wijesinghe
Jayantha Wijesingha is a Sustainability Consultant currently working as a consultant to EU-Sri Lanka development corporation WASH project with Solidaridad. He is also a Climate Champion, a professional marketer turned conservationist with over 10 years experience in Sri Lanka and South East Asia working on Climate Change, Conservation strategy Planning, Eco system restoration and Sustainable development. He was awarded a climate champion by Climate Group,WWF, Earthwatch and Smithsonian tropical institute and was a part of research programme that was supported by the Royal Society, UK. He is also the convener of Rainforest protectors of Sri Lanka and an advisor/consultant to many corporate sector initiatives and regional level environment organizations. ...

333 Votes
Justice. M. Ilanchelian
යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලන්චේලියන් යනු මෑතකාලයේ ලංකාවේ ඉතා ප්‍රසිද්ධ විවාදයට තුඩුදුන් නඩු කිහිපයක නිර්භීත තීරණ කිහිපයක් ලබා දුන් විනිසුරුවරයෙකි. එතුමා කිසිවෙකුගේ ආගම, ජාතිය, තරාතිරම, නොබලා යුක්තිය වෙනුවෙන් සැමවිටම පෙනී සිටි අයෙක් වන අතර, ඇතැම් අවස්ථාවලදී තමාගේ ජිවිත ආරක්ෂාවද නොතකා නිර්භයව නිතිය අකුරටම ආරක්ෂා කල පුද්ගලයෙකි. තමාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා එතුමාව ආරක්ෂා කිරීමට ගොස් මියගිය පසු, එම මියගිය පොලිස් නිලධාරියාගේ බිරිදගෙන් සමාව ඇයද සිටීම නිසා, ඔහු ගැන මෑත කාලයේ නිතර අසන්නට දකින්නට ලැබුණි....

275 Votes
Kishu Gomes
කිෂූ ගෝමස් විවිධ අංශවල දක්ෂතා දක්වන, සුහදශීලී, ජනප්‍රිය පරිපාලකයෙකි. ව්‍යාපාරිකයෙකි, සභාපතිවරයෙකි. ක්‍රීඩා, කළා, වාණිජ, ආර්ථික, ව්‍යාපාරික, මාධ්‍ය, ආදී බොහෝ ක්ෂේත්‍ර තුලින් ඔහුගේ දස්කම් දකින්න ලැබේ. එමෙන්ම ඔහු විවිධ අංශ ඔස්සේ බොහෝ සම්මාන පවා දිනාගෙන ඇත. පහත වෙබ් අඩවිතුලින් ඔහු ගැන සවිස්තරාත්මක තොරතුරු දැනගැනීමට හැකි වේ....

3 Votes
Krishan Silva
Well qualified personnel in the filed of Accounting and Finance, a price winner of CIMA- UK, a well experienced one in the filed of finance and administration in the private sector for over 12 years, founder and the Managing Director of Integrated Management Solutions (Pvt) Ltd which holds the title of the largest fine quality military beret manufacturer and exporter in South East Asia under the brand name of Beret House, offered job opportunities over 50, never ever offered bribes to supply military berets to SL forces. ...

125 Votes
Kumar Sangakkara
He is an Attorney at Law and also an ex-captain of Srilanka Cricket team. Present chairman of MCC....

331 Votes
Lt. Gen. Mahesh Senanayake
නොබෝ දිනකින් සේවා කාලය අවසන්ව විශ්වරාම යාමට නියමිත, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක RWP RSP VSV USP USACGSC යනු ශ්‍රී ලංකා හමුදාවේ වත්මන් හමුදාපතිවරයා වන අතර ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තුවේ කර්නල්වරයාද වේ. ඔහු ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරුවෙක්ද වේ ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ අදියර හතරේම ප්‍රවීණයෙකු වන ඔහු එහි උතුරු හා නැගෙනහිර දෙකෙහිම සේවය කර ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු එක්සත් ජනපද යුධ හමුදා අණ හා සාමාන්‍ය මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇත. ඔහු විසින් කරන ලද සේවාවන් පිළිබඳ තව බොහෝ විස්තර පහත වෙබ් පිටුවලින් බලාගත හැක....

35 Votes
Lt.Colonel (Rtd.) Rathnapriya Bandu
කර්නල් රත්නප්‍රිය බන්දු යනු මෑත කාලීන රාජ්‍ය සේවකයෙකු ලැබු සුවිශේෂීතම ජනතා ගෞරව සම්මානයෙන් පුද ලද එකම රාජ්‍ය නිලධරියාය. එහි එක් සුවිශේෂීම කරුණක් නම් ඔහු වෙත මෙම ජනතා ගෞරව සම්මානය පුද කරන ලද්දේ වසර තිහක යුද්ධයකට සෘජුවම මැදිහත්ව ජීවත් වූ එයින් පීඩාවට ලක් වූ ඒ වෙනුවෙන් දැන හෝ නොදැන පෙනී සිටි කිලිනොච්චි මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි ජීවත් වූ දමිල ජනතාවගෙන් වීමය. එහි අනෙක් කරුණ නම් කර්නල් රත්නම්ප්‍රිය බන්දු යනු පස්වතාවක් රණ වික්‍රම ( R W P), රණ ශුර (R S P) ආදී ක්‍රියාන්විත රාජකාරියේ දී දැක්වූ අතිවිශිෂ්ට දක්ෂතාවයන් වෙනුවෙන් හමුදාමය සම්මාන වලින් පුද ලද හමුදා නිලධරයෙකු විමය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ අණදෙන නිලධාරි ලෙස කිලිනොච්ච් මුලතිව් යාපනය යන දිස්ත්රික්යන්හී ජනතාව වෙත ඔහු කරන ලද අමිල සේවය, සංවර්ධන කටයුතු හා සේවාවන් වෙනුවෙන් එම ප්‍රදේශවල ජනතාව ඇඩූ කදුලින් සමුදෙමින් තම දයාබර නායකයාට සෙනෙහස පුද දෙන අයුරු මෑතදී රෑපවාහිනී ප්රවෘත්ති විකාශයන් මගින් දකින තුරුම ඔහු පිලිබදව, ඔහු විසින් කරන ලද සේවය පිලිබද, ඔහු එම ප්‍රදේශ වල දමිල ජනතාවගේ හදවත කෙතරම් තදින් වැලද ගෙන තිබේදැයි බොහෝ පිරිසක් දැන සිටියේ නැත. අතිශය සරල, ප්‍රායෝගික, නිහතමානී මෙම රාජ්‍ය නිලධරයා ඉතා කෙටි කලක් තුල කරන ලද මෙම සුවිශේෂී සේවය තුලින් මුලු මහත් ශ්‍රී ලංකාවට, යුද හමුදාවට මෙන්ම සිවිල් ආරක්ෂක බලකායට පවා තම සේවය කාලය තුල ලබා දුන්නේ අතිශය ගෞරවයක් වන අතර ඔහුගේ මෙම ක්‍රියාවන් ශ්‍රී ලාංකීක සෑම දේශපාලන/ රාජ්‍ය නිලධරයෙකුටම මෙන්ම හමුදා නිලධාරයෙකුටම කැපවීමෙන්, අධිෂ්ධානයෙන් තම ලැබෙන සෑම අවස්ථාවක සෙනෙහසින් තම ජනතාව වෙත ජාතී, ආගම්, කුල බේදයකින් තොරව සේවය කිරීම තුලින් ඕනෑම අයෙකුට මෙවන් ගෞරවක් ලැබිය හැකි බවට මෑත කාලීන ඉතිහාසේ සපයා තිබෙන හොදම පුර්වාදර්ශය සපයා ඇත. එමෙන්ම එය සංහිඳියාව සඳහා දැනට ලෝකයේ හදුනා ගන තිබෙන උසස්ම තලයේ පුර්වාදර්ශයක් ලෙස දෙස් විදෙස් වියතුන්ගේ නිරන්තර ඇගයීමට ලක් වෙමින් තිබෙන අතර කුඩා කල සිටම පාසැල් දරුවන්ගේ සැබෑ නායකත්වය මනසට කාවැද්දීම පිනිස පාසැල් දරුවන්ගේ පෙල පොත් වලට පවා ඇතුලත් කල යුතු ඉහලම ගනයේ සිද්ධි අධ්යනයක්ය. මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන මොහු විසින් පෙන්වන ලද සුවිශේෂී නායකත්ව ගුණාංගයන් නිසාම ඔහු නිරන්තරව සම්මානයට පාත්‍ර වෙන අතරම වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකිකයා සදහා දෙරණ විශේෂ ගෞරව සම්මානයත්, ජාත්‍යන්තර සාම පදනම විසින් පිරිනැමූ සාම සම්මානයත් , ශ්‍රී විශ්වකීර්තී ජනභිනන්ධන සම්මානයත් වසරේ විශිෂ්ඨතම තොමසුවට හිමි සම්මානයත් ඔහු වෙත පුද දී ඇත. එමෙන්ම කර්නල් රත්නම්ප්‍රිය බන්දු මේ වනවිට ජාතික සංවර්ධනය , සාමය හා එකමුතුකම වෙනුවෙන් වූ සංවිධානයේ විධායක සභාපති ලෙසත් , ඕස්ට්‍රේලියානු සාම කොන්ග්‍රසයේ සාම තානාපති ලෙසත් , කදුකර සාම සංසදයේ කැදවුම්කරු ලෙසත් කටයුතු කරන අතර සාමය, සංහිදියාව, පෞරුෂ වර්ධනය ,නායකත්වය , පිරිස් හා ආයතන කළමනාකරණය පිලිබද පුහුණු උපදේශකයෙකු ලෙසත් බොහෝ පිරිසකට තම අද්දැකීම් බෙදා හදා දෙමින් ජනතාවට තමන් වැනීම සුවිශේෂී නායකත්ව ගුණාංග වර්ධනය කර ගැනීමට අවශ්‍ය දැනුම සහ මග පෙන්වමින් ලබා දෙමින් සිටී. Military and Strategic Leadership-Sri Lanka Military Academy. Young Officers Course, Junior Command Course and Commando Course (India), Negotiations and Intelligence Operations During Conflict (South Africa), Transitional Justice and Reconciliation Course (Malaysia), Transitional Justice and Reconciliation Course from Sir John Kotelawala Defence University and a Tourism Promotion Course (China)....

154 Votes
Malinda Alahakoon
ඔහු නව පරපුර අතර ජනපි‍්‍රය වී සිටින, වෙනස්ම ඉගැන්වීම් ශෛලියක් හිමිවූ, තාක්ෂණ විද්‍යා කථිකාචාර්යවරයෙකි. එමෙන්ම ඔහු දක්ෂ සන්නිවේදකයෙකි. ලිඛිත හා වාචික සන්නිවේදන කුසලතාවයන් මෙන්ම මිනිස්සු අතර සුහද සබඳතාවන් ගොඩනගාගැනීමටත් දක්ෂතාවන් ඔහු සතුයි. මීට අමතරව ඔහු ශීී‍්‍ර ලංකාවේ වීඩියෝ තාක්ෂණ නිෂ්පාදන සඳහා පුරෝගාමීව කටයුතු කරන “ට්‍රාන්ස්ෆෝම් ස්ටුඩියෝ” හි නිර්මාතෘවරයා වේ. ඔහු තම විවිධ ක්ෂේත්රතුළ එක්කරගෙන ඇති විශේෂ දැනුම හා තාක්ෂණය, තම ශිෂ්‍ය ප්‍රජාව හා රසිකයින් අතර බෙදාගනිමින් විශාල සේවයක් කරනු පෙනේ. ...

67 Votes
Mano Sekaram
මනෝ සේකරම් යනු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ක්ෂේස්ත්රයේ (ICT Industry ) දැවැන්තයෙකි. එමෙන්ම ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සංවර්ධන වෙළඳපොලේ වෘත්තීයමය ගුණාංගවලින් යුත් හා ජාත්‍යන්තරව පිළිගත් චරිතයකි. ඔහු සිය කාර්යයන් කෙරෙහි අතිශය උන්න්දුවක් දක්වන අතර ඔහු දැනට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ බීපීඑම් අංශය ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහය ප්‍රශංසනීයය. 99X Technology ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වන එතුමා ලාංකීය ආර්ථිකය ගොඩනැංවීමට මහත් සේවයක් සහ නායකත්වයක් ලබාදෙයි. එමෙන්ම ඔහු ICT Industry සමාගම් වල එකතුවක් වන SLASSCOM ආයතනයෙහි හිටපු සභාපතිවරයෙකි. වියවසයකත්වය නැංවීම සඳහා වන Lanka Angle Network (LAN) ආයතනයෙහි වත්මන්සභාපතිවරයාය. කොළඹ සහ යාපනය විශ්වවිද්‍යාල වල අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකි. StartupX Foundry (nonprofit) නම් තරුණ වියවසායකයන් දිරිගන්වන ආයතනයේ නිර්මාතෘ වරයාය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයට කළ දැවැන්ත දායකත්වය වෙනුවෙන් තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ BCS විසින් 2014 හොඳම ජාතික තත්ත්ව මෘදුකාංග සම්මාන උළෙලේදී (NBQSA) ‘ජීවිත කාලය සඳහා වන සම්මානය’ (‘Lifetime Achievement Award’ ) පිරිනමන ලදී. මෙයටඅමතරව ඔහුගේ සමාජසේවය සඳහා විවිධ සංවිධාන වලින් බොහොමයක් උපහාර ලබා දී තිබේ....

18 Votes
Mendis Wickramasinghe
ක්‍රීයාකාරී පරිසරවේදියකු හා මානවහිතවාදියෙක් වන මොහූ නිහඬ සේවයක් ඉටු කරන පුද්ගලයකි. මොහු නව ජීවී විශේෂ 23ක් සොයගන්න ලද අපූරු උභයජීවී විද්යාඥයකි. ...

47 Votes
Muditha Champika
ඉංජිනේරැ උපාධි දාරියෙකු වන මා, කලක් ඉංජිනේරැ ක්ෂේත්රයේ සේවය කොට වර්ථමානයේ ගුරැවරයෙකු වශයෙන් සේවය කරමි. දේශපාලනයට එතරම් කැමැත්තක් නොමැති මුත්, රටේ වත්මන් තත්වය හමුවේ උගතුන් දේශපාලනයට එක්වීමට මැලි කමක් දක්වන බැවින්, රටට ආදරය කරන උගතුන්ට පූර්ව ආදර්ශයක් වෙමින් මෙසේ මාගේ නම සදහන් කරමි. මේ රටට සේවයක් කිරීමට කැමති රටට ආදරය කරන උගතුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරැන්, ඉංජිනේරැවරැන්, වෛද්‍යවරැන් සිටීනම් පැකිලීමකින් තොරව මෙහි නම සදහන් කරන මෙන් කාරැණිකව ඉල්ලමි. දේශපාලනය කරත් නැතත් රට ආගාධයක වැටී ඇති මේ මොහොතේ නිහඩ නොවී, රට වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරමින් තමාගේ යුතුකම ඉටුකලා යැයි සතුටු විය හැකි හැගිම පෙරටු කොට මෙසේ නම ඇතුලත් කරමි....

303 Votes
Muttiah Muralitharan
කි‍්‍රකට් තුලින් ශී‍්‍ර ලංකාවට විශාල කීර්තියක් ගෙනදුන් ඉතා ජනප්‍රිය ක්‍රීඩකයෙකි. ද්‍රවිඩ ජාතිකයෙක් වුනත් සිංහල දෙමළ හැමගේම ආදරය දිනාගත් කී‍්‍රඩකයෙකි. දැනට කි‍්‍රකට්වලින් විශ්‍රාම ගෙන, සාර්ථක ලෙස ඔහුගේ ව්‍යාපාර කටයුතු කරමින් සිටී. ජාතිභේදවලින් තොර මධ්‍යස්ත මතධාරී පුද්ගලයෙකි....

506 Votes
Nagananda Kodithuwakku
නාගානන්ද මහතා වෘත්තීය නීතිඳවරයෙකු වශයෙන්, මහජන හිමිකම් වෙනුවෙන් පෙනී සිටින, මෑතක විවිධ සිද්ධිවලට ඉදිරිපත් වීම නිසා ජනප්‍රියත්වයට පත්වුණු, චරිතයකි. එතුමා 2020 ජනාධිපතිවරණයට ඉල්ලූම් කරනබව ස්ථිරව නොදනිමු. එබැවින් ඔහු පාර්ලිමේන්තුවට යෝජනා කරමි. පහත වෙබ් පිටුවලින් එතුමා ගැන බොහෝ විස්තර දැනගත හැකිය. එතුමා මේ වෙබ් අඩවියේ නිර්නායක වලට අනුව නොබියව යෝජනා කළහැකි කෙනෙකි. සොරකම, වන්චාව, දූශනය ඔහුගේ නැත. නීතිය ස්වාධීනත්වය සහ සින්හල බවුද්ද කා හට වත් යටත් නොවන කෙනෙක්. සියලු දෙනා හට එකම නීතියක් සහ එකම නීතියක් ඇති කල හැකි එකම කෙනා ඔහු පමනයි....

14 Votes
Nimanthie Abeywardana
ගාල්ල සංඝමිත්තාවෙ කීර්තිමත් ආදිසිසුවියක් වන මා මවගේ අසනීපයක් හේතුවන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කඩ ඉම ජය ගත නොහැකිව පෞද්ගලික අංශයෙන් ගණිත විද්‍ය අංශයෙන්උසස් පෙළ ද පසුව උසස් අධ්‍යපනය ද හැදැරුවෙමි.සැළසුම් ශිල්පිනියක් ලෙස මුලින්ම සේවය ඇරඹු මා දක්ෂිණ අධිවේගී මාර්ගය / කොළඹ පිටත වට රවුම් මාර්ගය ආදීයෙහි සැලසුම් නිර්මාණයේදී සක්‍රීය දායකත්වයක් දැක්වු අතර පසුව ප්‍රමණ සමීක්ෂකවරියක ලෙස සිවිල් ඉංජිනේරුවරියක/වැඩබිම් අධීක්ෂක/ප්‍රධාන සම්බන්ධීකාරක ( ) ආදී ලෙස ඉතාමත්ම අවංක කාර්යශූර සේවයක් මගේ රටේ සංවර්ධනය වෙනුවෙන් දායක කලෙමි.එහිදී කෝටි ගනන් මුදල් මා අතින් රට වෙනුවෙන් ඉතිරි වන්නට ඇත.එහිදී ද අනිසි දේශපාලන හස්තයන් මා වෙත දිගු කර ඇත.පසුව පෞද්ගලිකව මා දැන් සපයන සේවය උවද පුලුල්ව සිදුකිරිමටත් ජාතික ආගමික විනාශය නැවැත්වීමටත් දේශපාලනයෙන් තොරව කළ නොහැකි බව තේරුම් ගනිමි.මෙ නිසාම දූෂිත දේශපාලනය පිටු දැකීමටත් රටේ සංවර්ධන ප්රවාහයට සක්‍රීයව දායක වීමටත් මාර්ගයක් සොයමින් සිටියෙමි.රට ජාතිය ආගම ගැන ඇති අසීමිත ආලය කැක්කුම නිසාමය....මින් පසු අවස්තාවක් නැත.ප්‍රමාණ සමීක්ෂක වරියක්/ වැඩ බිම් අධීක්ෂක වරියක්/වැඩබිම් සම්බන්ධීකාරක වරියක් ලෙස මා ලද අත්දැකීම් ද අදාල ක්ෂේස්ත්‍රයෙහි ප්රවීනයන්ගෙද සහයෙන් මට පැවරෙන කාර්යයන් නොබියව නොපිරිහෙලා ඉටුකරමි.ඇපවෙමි .කැපවෙමි, Other professional qualifications: ADTSL, NCT(QS), NCT(Civil), NCDA ...

6 Votes
Pathum Tharindu Madushan
අම්බලන්ගොඩ ධර්මාශෝක විදයාලයේ ආදි සිසුවකු වන මා මොරටුව විශ්ව විද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු උපාධියක් හදාරා ඇත්තෙමි. දැන්ට ඉංජිනේරුවෙකු ලෙස රැකියව සිදුකරමි. රට ආගම ජාතිය කෙරෙහි ඇල්මක් ඇති මා දැනට රටේ තත්වය ගැන කළකිරී ඇත්තෙමි. රටේ දියුණුව වෙනුවෙන් හැකි උපරිමයක් කිරීමට කැමැත්තෙමි....

108 Votes
Prof. Chandima Gomes
දකුණු අප්‍රිකානු විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු වශයෙන් මේ වනවිට සේවය කරන චන්දිම ගෝමස් මහතා, දේශපේ‍්‍රමී ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙකි, භෞතික විද්‍යාඥයෙකි, ලේඛකයෙකි. තවද ආසියාවේ සහ අප්‍රිකාවේ අකුණු ආරක්ෂණ හා විදුලි සුරක්ෂිතතාව පිළිබඳ ප්රමුඛ පුහුණුකරුවෙක් ලෙස සේවය කරන ඔහු බොහෝ හැකියාවන් ඇති බුද්ධිමතෙකි. මීට පෙර ඔහු මැලේසියානු විශ්වවිද්යාලයකද මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කර ඇත. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික අකුණු ආරක්ෂණ ආයතනය ඇතුළු බොහෝ ආයතනවල උපදේශකයෙකු ලෙසද සේවය කරයි. ඔහු පිළීබඳ වැඩි විස්තර පහත වෙබ් අඩවිවලින් ලබාගත හැක....

258 Votes
Prof. Channa Jayasumana
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රජාවන්හි වසංගත රෝග තත්ත්වයන් පිළිබඳ ප්‍රධාන පර්යේෂකයෙකි පර්යේෂණ - නිදන්ගත වකුගඩු රෝග වල නොපැහැදිලි මූලයන් පිළිබඳ - නැප්ට්රෝටොක්සින්ස්, එපිසෝවිද්යාව, කායික සාධක සහ චිකිත්සාව, සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම A lead researcher on epidemic kidney disease in agricultural communities in Sri Lanka. Research Interest: Chronic Kidney Disease of unknown origin – aetiological factors and therapeutics, Nephrotoxins, Epistemology, Traditional medicine systems ...

189 Votes
Prof. Mahinda Pathegama
මහින්ද පාතෙගම යනු කීර්තිමත් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකි. අප රටේ නාමය ජාතයන්තරයේ ඉහලින් ඔසවා තැබීමට සමත්වුණු ඔහු, නව විද්‍යා සොයාගැනීම් අති විශාල සංඛ්‍යාවක් ලොවට හෙළිකර රටවල් 33ක ලිඛිත පිළිගැනීමට ලක්ව ඇත. ලොවට කළ සේවය අගයමින් ජාත්‍යන්තර සම්මාන 9 කින් පිදුම් ලද ලාංකිකයාද ඔහු වේ. ඒ අතර "ලොව හොඳම කෘත්‍රිම බුද්ධිය පිලිබඳ නව සොයාගැනීමට හිමි ජාත්‍යන්තර සම්මානය" 2003 වසරේදී රුසියාවේදී ඔහු වෙත පිරිනැමිණි. රටක් දියුණු කළ හැකි බුද්ධිමත් ශිල්පීය ක්‍රම ගණනාවක් මෙන්ම නවෝත්පාදන ක්රමයන් පිලිබඳ ඔහුගේ අසමසම බුද්ධිය, දක්ෂ දැනුම සහ නිපුණත්වය ලෝකයේ දියුණු රටවලින් මහත්සේ ගෞරවාදරයට පත්ව ඇත්තේ ලිඛිත පිළිගැනීමකටද ලක්වුණු ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ලෙසය. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ රුසියාව යන රටවල ලොව ප්‍රකට විද්‍යාඥයින් තෙපලක් විසින්ම ඔහුගේ හැකියාවන් මහත් ඇගයීමට ලක්කර තිබු අතර ඔවුන් ජාත්‍යන්තරයට එක්කළ ලිඛිත වාර්තාවල දක්වා තිබුනේ, 'මහින්ද පාතෙගම යනු ලොව සිටින විශිෂ්ඨ ගනයේ විද්‍යාඥයෙකු' බවටත් ඔහු 'ශ්‍රී ලංකාවෙන් ලොවට දුන් දායාදයක්' බවටත් දක්වමින් වීම ලංකාවට අභිමානයක් ගෙන දෙන්නකි. විශ්වය පිලිබඳ ඔහුගේ නව දැක්ම ඔහු ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දාර්ශනයෙකු ලෙසින් ලොව නන් දෙස ප්‍රකට විය. බුද්ධිමතුන් අපරට හැරදා යන යුගයක, ඕස්ට්‍රේලියාවේ ඔහු දැරූ මහාචාර්ය පදවිය ඇතුළු තමනට හිමි වරප්‍රසාද සියල්ල හැරදා මව්බිමට නැවත පැමිණ තම සේවය වසර 15 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේම රැඳී සිටිමින් අප රටට සැපයුවේ කිසිදු මුදලක් ලබා නොගෙන වීම ඔහු තුලින් දිස්වන විශේෂ ගුණාංගයකි. අප රටට ලබාදී ඇති නවෝත්පාදන ක්‍රම රාශියක් වන අතර අද ජනතාව බුක්ති විඳින තාක්ෂනයන් කිහිපයකම නිර්මාතෘවරයා වන්නේද ඔහුමය. ඒ අතර රූපවාහිනී ප්රවෘත්ති ආදී සජීවී රූපවාහිනී විකාශනයන් ආපස්සට හෝ ඉදිරියට ගොස් නැවත නැවතත් නැරඹීමේ පහසුකම සහිත විද්‍යා සංකල්පයේ නිර්මාතෘවරයා ඔහු වන අතර එය අප රටේ රජයට ඔහු නොමිලයේම ලබාදුන්නකි. තවද, රට අස්ථාවර අවස්ථාවක, රට වටකර බැඳි රන්වැටසේ වන රේඩාර් තාක්ෂනය වෙනුවෙන් කළ ඔහුගේ ප්‍රධාන දායකත්වය අපිරිමිතය. 'නව නිපැයුම් තුලින් ජාතිය ගොඩනැගීමේ මේඩ් ඉන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය හඳුන්වා දුන්නේය. 'නව ලොව නව දැනුම දැයේ දරුවන්ට' මැයෙන් දැනට වසර ගණනාවක් මුළුල්ලේ රටපුරා වෙසෙන අප රටේ දරුවන් වෙනුවෙන් නිහඬ සේවයක් කරමින් සිටී. මොරටුව විශ්ව විද්‍යාලයෙන් සහ university of South Australia වලින් වැඩිදුර අධාපනය ලබා ඇත. විදුලි ඉංජිනේරු සහ රොබෝ ඉංජිනේරු පිලිබඳ "පළමු පන්තියේ ගෞරව ඉංජිනේරු උපාධිය" සවුත් ඕස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයෙන් සමත්වූයේ එහි වැඩිම ලකුනු ලද ඉංජිනේරුවා වෙමින් චාන්සලර් සම්මානයද හිමිකරගනිමිනි. කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) පිලිබඳ ඉංජිනේරු උපාධියේ PhD (ඉංජිනේරු ආචාර්ය උපාධිය) ඔහු ඕස්ට්‍රේලියාවේදී ලබා ගති. ක්ෂේත්‍ර ගණනාවකින් එකසේ දක්ෂතා දක්වන විද්වතෙකු වේනම් ඒ මහින්ද පාතෙගම බව ඔහුගේ අධ්‍යාපන උපාධි සාක්ෂි දරයි. එම ක්ෂේත්‍ර අතර, විදුලි සංදේශ, විදුලි ඉංජිනේරු, විද්‍යුත් ඉංජිනේරු, රොබෝ තාක්ෂනය, කෘත්‍රිම බුද්ධිය, මොලයේ සෛල විද්‍යාව, ස්නායු විද්‍යාව පමණක් නොව ආර්ථික විද්‍යා සහ කළමනාකරණය පිළිබඳවද අධ්‍යාපන සුදුසුකම් උපාධි ලබා තිබීම විරලව කෙනෙකුට ලැබෙන විශේෂිත දෙයක් වන අතර එය අප රටට වඩවඩාත් ඵල ගෙනෙන බුද්ධිමතෙකු බව ප්‍රකට කරන්නෙකි. ඔහු විද්‍යාව හා තාක්ෂනය පමණක් නොව, දේශීය සංස්කෘතිය, කලාව, බෞද්ධ දර්ශනය, හෙල ඔසු වේදය, වන සම්පත, කෘෂිකර්මය, පරිසරය හා වාරිකර්මාන්තය යන අංශ දහයක එකසේ නිපුණතාවයන් පිහිටි විරල ගනයේ මානව සම්පතකි. එලෙසම රුහුනු සිත්තම්ගල්ලෙන රජමහ විහාර පෙරහරේ බස්නායක නිලමේ වශයෙන් දේශීය සංස්කෘතික අංගයන්ට ජීවය දුන් අයෙකි. පහතරට නර්තනයන් පිලිබඳ වැඩසටහන්ද, අංගම් පොර සටන් වැඩසටහන්ද ඔහු විසින් දියත්කර ඇත. වරක් අමරදේවයන්ද උපහාරයට ලක්වූ 'කළා ලොවේ නව නිපැයුම් කිරුළ' නිර්මාණය කරමින් දේශීය කලා ක්ෂේත්රයට දේශීය සංගීතයටද සේවය කරන අසමසම විද්වතෙකි. අපේ විද්‍යාඥයා ලෙසින් විරුදාවලිය ලත් මහාචාර්ය මහින්ද පාතෙගමයන් රට දැය සමය කෙරේ ඇත්තේ මහත් භක්තාදරයක් බව, ඔහුගේ අතින් ලියවුනු පණ්ඩිත් අමරදේවයන් ගැයූ "සතර මහා දිවයින් මැද බබලන පින්කෙත" ගීතයෙන්ද, ගායක සමන් ලෙනින් ගැයූ "මේ අපේ දේශයයි, දේශයේ ශක්තියයි" යන ගීතයෙන්ද ඔහුගේ මනස තුළ රැඳුනු සැඟවුණු දේශීයත්වය කෙතරම්දැයි යන්න සහ අපරටේ ප්‍රෞඪ ඉතිහාසය කෙතරම් අගයන කෙනෙකුදැයි මනාව හඳුනාගත හැක. Mahinda Pathegama is a Sri Lankan scientist. Mahinda has won international recognition for his expertise in scientific discoveries, notably in innovations of intelligent techniques towards advancement of science. He is also known for his new insight in to the Universe as a philosopher. His findings were accepted in many parts of the world, and won nine international awards for his original scientific works. His expertise expands in multi-disciplinary fields that have been gifted by his education along with multiple university degrees in Artificial Intelligence, Information and Electrical Engineering, Electronic, Telecommunication and Mechatronics Engineering, up to Doctor of Philosophy. He has made a scientific breakthrough by the name of 'Frequency-Forced Digital Processing'. His findings were accepted in many parts of the world, especially in Australia, Japan, Ukraine, Poland and Russia. According to the published media, his expertise expands in multi-disciplinary fields that have been gifted by his education along with multiple university degrees in Artificial Intelligence, Information and Electrical Engineering, Electronic, Telecommunication and Mechatronics Engineering, up to Doctor of Philosophy. ...

138 Votes
Prof. Raj Somadeva
ශ්‍රි ලංකාවේ පුරා විද්‍යාව පිළිබඳව පෘතූළ දැනුමක් ඇති මහාචාර්ය රාජ් සෝමදේවයන් ශ්‍රි ලාංකීය අනන්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින දක්ෂ ජේෂඨ මහාචාර්ය වරයෙකි. පුරාවිද්‍යාව විෂය සඳහා නව දැනුම් උත්පාදනය කරන වසරේ වැඩි කාලයක් ක්ෂේත්රය තුල පර්යේෂණවල නියැලෙමින් ශීත කාමර පුරා විද්‍යාවෙන් බැහැරවූ ප්රාඥයෙකු ලෙස ශ්‍රි ලංකාවේ විද්‍යාර්ථයින් මෙන්ම සාමාන්‍ය ජනතාව අතරද ගෞරවයට පාත්රවූ පුරා විද්‍යාඥයෙකි. ඒසේම පුරා විද්‍යාව යන විෂය පිළිබඳව පර්යේෂණ කිරීමේදී එම විෂය පිළිබඳව පමනක් නොව ඊට සම්බන්ද විෂයන් පිළිබඳවද ප්රාමානික දැනුමක් ඇත්තෙකි. එතුමා රාජ්‍ය සම්මානයට පාත්රවූ දක්ෂ පර්යේෂණ ලේඛකයෙකි. ශ්‍රි ලංකාවේ සත්‍ය ඉතිහාසය නිවැරදිව සමාජගත කිරීමට ප්රයත්න දරණ, ජාත්‍යන්තරයට තම පර්යේෂන පත්‍රිකා ඉදිරිපත් කරනු ලබන සැබෑ දක්ෂයෙකි. ...

7 Votes
Prof. Rangika Halwathura
Halwathura was born 4 February 1978 in Kalutara, Sri Lanka. He was raised in a family of four consisting of his parents and his younger brother, Shanaka Halwathura, a Sri Lanka Army officer. He attended Kalutara Vidyalaya National School. Halwathura graduated with first-class honors from the University of Moratuwa with a bachelor's of science in engineering. He later completed his doctorate degree in structural and building services engineering in 2008 from the same institution....

31 Votes
Prof. Rohan Gunaratna
දේශපාලන විශ්ලේෂකයෙකු හා ජාත්‍යන්තර ත්‍රස්ත විශේෂඥයෙකු වන ආචාර්ය රොහාන් ගුණරත්න මහතා සිංගප්පූරුවේ නැන්යැන්ග් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ දේශපාලන ප්රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (ICPVTR) හිටපු ප්‍රධානියා වේ. ගෝලීය වශයෙන් කීර්තිමත් මධ්‍යස්ථානයක් වන (ICPVTR) ත්‍රස්ත මර්දන පර්යේෂණ හා විශ්ලේෂණයන් සඳහා ලොව පුරා කීර්තියක් ලබා ඇත. ත්‍රස්තවාදය සහ දේශපාලන ප්රචණ්ඩත්වය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානය (CSTPV) ඔහුව "Acknowledged expert on terrorism in South Asia" ලෙස ලැයිස්තු ගත කළේය. එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ ශාඛාවේ හිටපු ප්‍රධාන විමර්ශකයා වන ඔහු අල්කයිඩා පිළිබඳ ලොව ප්‍රවීණයෙකු ලෙස ද නම් කර තිබේ. මේ වනවිට 58වැනි වියේ පසුවන ඔහු මේ වනවිට ත්‍රස්තවාදය පිළිබඳව ලොව පුරා බොහෝ දේශන පවත්වා ඇති අතර බොහෝ රජයන්ගේ උපදේශකයෙකු ලෙස ද සේවය කර ඇත. පොත් 15 කට අධික සංඛ්‍යාවක කතුවරයා වන ඔහු ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතාවයේ දියුණුව වෙනුවෙන් 2014 ජුනි මාසයේදී මේජර් ජෙනරාල් Ralph H. Van Deman සම්මානයෙන්ද පිදුම් ලැබූවේය....

26 Votes
Rajindra Rohitha
I am a development professional with 33 years of working experience in Sri Lanka, Southeast Asia (Vietnam), South Asia (Bangladesh, Pakistan, Afghanistan) and Africa (Zambia). My specialized fields are Food and Nutrition Security, Agriculture and Agribusiness Development, Natural Resource Management and Disaster Risk Reduction. I have vast experience in the socio-economic development of developing and fragile countries...

236 Votes
Rohan Pallewatta
ඔහු කුඩා කළ සිට ස්වෝත්සාහයෙන් නැඟුණු සම්මාන දිනූ දක්ෂ ව්‍යවසායකයෙකි. මේ වනවිට ඔහු විසින්ම ගොඩනැගූ තාක්ෂණික නිෂ්පාදන ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. එමෙන්ම විවිධ විෂයන්හි දක්ෂතා දක්වන ඔහු පරිසර හිතකාමී දේශපේ‍්‍රමී නීතිඳයෙකි. මෑතකදී දේශපාලනයට අවතීර්ණ වූ ඔහු 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමටද සැලසුම් කර තිබුණි. එසේ නොවන්නේ නම් ඔහු තම තනතුරු වෙනත් අයෙකුට බාර කර මෙම ජාතික මෙහෙවරට එක්වන ලෙස යෝජනා කරමි....

199 Votes
Roshan Mahanama
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක හා ICC Elite Panel තරග තීරකවරයෙකු වන ඔහු 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයෙකු, පුහුණුකරු, ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සාමාජික, විචාරක මෙන්ම විවිධ වූ භූමිකාවන් ඉටු කළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකි. මේ වන විට ජාත්‍යන්තර තරග 250 කට වඩා ක්‍රීඩා කර ඇති අතර ජාත්‍යන්තර තරඟ 300 කට අධික ප්‍රමාණයක් විනිසුරුවරයෙකු ලෙස නිල වශයෙන් මෙහෙයවූ ලොව එකම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු වේ....

8 Votes
Senaka Sinhalage
සේනක සිංහලගේ යනු වෘත්තීය ඉංජිනේරුවෙකු වශයෙන් රටේ බොහෝ අත්‍යවශ්‍ය සමාජීය හා දේශපාලනික ගැටළුකාරී අවස්ථාවන්හිදී නිරතුරුවම ඉදිරිපත් වෙමින් ඒ සඳහා විසඳුම් සෙවීමට තම ශ්‍රමය ධනය හා කාලය වැයකරමින් කටයුතු කරන දේශප්‍රෙමියෙකි. ...

3 Votes
Subash kodikarage
Subash kodikarage is a Presidential candidate for 2020 and he has developed our National Policy Proposal with the theme #MakeSriLankaGreat. His home town is Galle. He is Sinhala Buddhist and a simple, ordinary citizen in Srilanka. He attended Vidayaloka Maha Vidyalaya, Galle. Upon completion of his Ordinary Level Exams, he went to Italy to pursue his higher studies in Law and Political Science and he possesses a Diploma in political science (Italy). ...

14 Votes
Tharaka Hewa
He is currently reading for his PhD in Network Security. Having a vision to make Sri Lanka a greater country, he has good knowledge on the current political affairs. He posses the necessary skills to pave the way for a greater Sri Lanka....

55 Votes
Tharindu Gunathilaka
වෘත්තීය වශයෙන් සර්වෝදය වයාපාරයේ සේවය කරන ඔහු තිරසාර සංවර්ධනය, ප්‍රජා පාදක සංරක්ෂණය, පාරිසරික යුක්තිය, තිරසාර කෘෂිකාර්මික පිළිවෙත්, පාලනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති සංවර්ධනය කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කරන පර්යේෂකයෙක් සහ පරිසර සංරක්ෂණ ක්රියාකාරිකයෙකි. ඔහු 2013 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සත්ව විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ලබා ගත් අතර විශ්ව විද්‍යාල සංගම්, සමාජ ව්‍යාපාර, ප්‍රජා ආයතන සහ රාජ්‍ය නොවන සංරක්ෂණ ආයතන සමඟ වැඩ කරමින්, ඉන් අනතුරුව සත්ව විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපතිවරයා විය. එමෙන්ම පරිණාමීය පරිසර විද්‍යාව පර්යේෂණ මගින් සංරක්ෂණ විද්‍යාව පිළිබඳවද මිනිසුන්ට සහ සියලු ජීවීන්ට වැඩි තිරසාර බවක්, යුක්තියක් සහ සාමයක් ගෙන ඒම සඳහාද ඔහු කැපවෙමින් සිටී. ...

64 Votes
Thilak Kandegama
තිලක් කන්දේගම යනු, ඔබ මාධ්‍ය තුළින් නිරතුරුවම හමුවන, අප රටේ ගොවිතැන පරිසරයට හානිනොවන ආකාරයට හා සොබාදහම සමඟ අත්වැල් බැඳගෙන සිදුකිරීමට අවශ්‍ය දැනුම බෙදෙන හා දැනුම සොයන ගොවි පර්යේෂකයෙකි. දේශීය ගොවිතැන් ක්‍රම පිළිබඳ ඔහුගේ දැනුම හා අත්දැකීම් බොහෝය. අප රට කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත කිරීමට ඔහුගෙන් අපට ලබාගත හැකි දේ බොහෝය. ...

22 Votes
Tissa Jananayake
පාසල් දරුවන් අතර ඉතා ජනප්‍රිය වී සිටි දක්ෂ ජීව විද්‍යා ගුරුවරයෙකු වන ඔහු, මෑතක සිට ඔහුගේ අන්තර්ජාල දේශන සවන් දීමට හුරු වූ වැඩිහිටියන් අතරද ජනපි‍්‍රය වී සිටි. හුදෙක් විෂය කරුණු පමණක් නොව, පාසල හැරගොස් වැඩිහිටියන් සහ පුරවැසියන් බවට පත්වන උසස් පෙළ දරුවන් සමාජයේ වගකිවයුතු පුරවැසියන් බවට පත්කිරීමට, තම දේශන කාලයද වැයකරමින් කරනා මගපෙන්වීමක් අගය කළයුතු ෙවී. ...

182 Votes
Uvindu Wijeweera
රෝහණ විජේවීර මහතාගේ එකම පුතු වන ඔහු උගත් බුද්ධිමත් ස්වාධීන අදහස් හා සමාජ අවබෝධයක් ඇති තරුණයෙකි. කුඩා කළ සිට දේශපාලන වටපිටාවක හා හමුදා කඳවුරක රැකවරණය ලබමින් ජීවත් වී ඇති ඔහු, මේ වනවිට රුසියානු විශ්ව විද්‍යාලයකින් දේශපාලන විද්‍යාව හා සමාජ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධියක් ලබා ඇත....

30 Votes
Venerable Galkande Dhammananda
බෞද්ධ විද්වතෙකු වශයෙන් අප රටේ පවතින ගැටළුකාරී සමාජ වාතාවරණවලදී, එකිනෙකා අතර විශ්වාසය ගොඩනඟා ගැනීම සඳහා ජාතික සංහිඳියාව ඇති කිරීමට තම කාලය බොහෝ කැප කර ඇති අතර, එසේ නොමැතිව කිසිදු ජාතියකට සාමය හා සමෘද්ධිය භුක්ති විඳිය නොහැකිය යන්න උන්වහන්සේ විශ්වාස කරයි. බෙදී ගිය ප්‍රජාවන් එක් කිරීම උදෙසා සහ සමාජය සුවපත් කිරීම උදෙසා ‘Twin School Programme’, ‘Inter-religious Dialogue Program on Social Healing’ යන වැඩසටහන් උන්වහන්සේගේ නායකත්වයෙන් ආරම්භ කරන ලදී. එමෙන්ම උන්වහන්සේි ‘Religion for Responsible Government (RRG)’ ව්‍යාපෘතිය සමඟද කටයුතු කර ඇත. වෙනස් ලෝක දෘෂ්ටියක් හා මතවාදයක් ඇති භික්ෂුවක් වූ උන්වහන්සේ නොයෙක් ආකාරයෙන් අගතියට ලක් වූ අයට වෙනුවෙන් සමාජ මාධ්‍ය භාවිතා කරමින්, ආගමික ජනවාර්ගික හෝ සමාජ ලේබල්වලින් ඔබ්බට ගොස් මානුෂීයව කි‍්‍රයා කිරීමට ජනතාව යොමුකිරීමට උත්සාහ කරමින් සිටී. As a Buddhist scholar, he has dedicated his time to bring forgiveness and national reconciliation to build trust in the troubling social climate in the country, without which no nation can enjoy peace and prosperity. Under Ven. Dhammananda’s leadership, many programs on social healing such as ‘Twin School Programme’ and ‘Inter-religious Dialogue Program on Social Healing’ were initiated bringing divided communities together. He is also associated with the project, ‘Religion for Responsible Government (RRG)’. A monk with a different worldview, who has been actively using social media calling for the nation to work beyond religious, ethnic or social labels in support of those who are vulnerable, marginalized and discriminated....

7589 Votes
Rohan Pallewatta
Lorem ipsum dolor sit amet, cu eam blandit definitionem, ius adhuc consulatu laboramus et. Inani necessitatibus has ad, iriure mediocritatem ad mel, inermis repudiare constituto ex nam. Pro ut esse corrumpit, mei id iriure admodum eloquentiam, tempo..