yels;dla nqoaêu;=ka md¾,sfïka;=jg hjuq

Pkaoh m%ldY lsÍug

To cast your Vote

fuu wjldYh b;d j.lSfuka Ndú;d lrkak
fuys we;=<;a ù we;s fhdacs; kï ish,a, Tn w;rskau úúO fya;= ldrKd mokïj fhdackd lr tjQ kï jk w;r ta ish,a, fyd|ska msßlaid n,d nqoaOsu;aj Tfí Pkaoh Ndú;d lrkak

ඔබට අවශ්‍ය අපේක්ෂකයා / අපේක්ෂකයින් පහත දැක්වෙන ලැයිස්තුව බලා තෝරාගත හැක.
එසේ නැතහොත් නම මෙහි සඳහන් කර සොයාගත හැක.

ඔබට අපේක්ෂකයන් 225ක් දක්වාම ඡන්ද 225ක් මෙහි ප‍්‍රකාශ කළ හැකි බව සලකන්න (එක් අයෙකුට පමණක් නොවේ)

List of Nominees

26 Votes

Gamini Wijesinghe

MA. in Economics- Kyung Hee University, S.Korea, BSc in Public Administration-Uni. of Sri Jayewardenepura,

ශ්‍රී ලංකා ජනරජයේ 40 වන විගණකාධිපතිවරයා (2015-2019) ලෙස කටයුතු කළ ඔහු රාජ්‍ය සේවයේ අවුරුදු 35 ක්ම සේවය කර ඇත. ඊට පෙර ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්රමිති අධීක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් ධුරය හෙබවූ ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අවුරුදු 28 ක්ද සේවය කර ඇත. රාජ්ය පරිපාලන සේවයේ කීර්තිමත් නිලධාරියෙක් ලෙසද කටයුතු කර ඇති ඔහු ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේද සාමාජිකයෙකි. කළමණාකරණය හා ගිණුම්කරණය, ගිණුම් විගණනය හා අධීක්ෂණය, රාජ්ය පරිපාලනය හා ආර්ථික විද්යාව පිළිබඳව දෙස් විදෙස් විශ්වවිද්යාල වල හදාරා ඇති ඔහු තුල එම විෂයන් පිළිබඳ මනා පරිණත වෘත්තීය දැනුමක්ද සතුව ඇත. එමෙන්ම කුඩා කළ ග්රාමීය ප්රදේශයක ඉපිද හැදී වැඩුණු ඔහු නාගරික ජීවිතය මෙන්ම සාමාන්ය ජනතාවගේ දිවි පෙවෙතද හොඳින් හඳුණයි. ...

 

26 Votes

Manju Nishshanka

BSC. Engineering (University of Moratuwa), MSc in Finance and Risk (City University, London), Leadership & Project Management (National University of Singapore), MBA

මංජු නිශ්ශංක යනු මොරටුව විශ්වවිද්‍යාලයෙන් පරිගණක ඉංජිනේරු විද්‍යාව හදාරා, ඉන්පසු විවිධ විෂයන්ගේ වැඩිදුර අධ්‍යාපනය හදාරා දැනුම හා අත්දැකීම් රැසක් ලබාගත් තරුණ ව්‍යවසායකයෙකි. ඔහුගේ ප‍්‍රායෝගික බව, මූලෝපායික අධීක්ෂණ, ප්‍රාග්ධන වෙළඳපල, සමාගම් කළමනාකරණය, නිෂ්පාදන සංවර්ධනය ආදිය පිළිබඳ ඔහු දක්වන උනන්දුව, රටේ අර්බුධ කෙරෙහි දක්වන ප‍්‍රායෝගික බව හා කි‍්‍රයාශීලී බව අනාගතයේ රටට වැදගත් වනු ඇත....

 

23 Votes

Dr. Pathum Kerner

MBBS (University of Colombo)

පැතුම් කර්නර් ක්ෂේත‍්‍ර කිහිපයක උනන්දුව හා හැකියාව දක්වන වෛද්‍ය වෘත්තිකයෙකි. තම විෂය වන වෛද්‍ය විද්‍යාව පමණක් නොව, අනෙකුත් විෂයන්ද හදාරමින්, ජනතාවට සරල ලෙස කියාදෙමින්, ජනතාවගේ දේශපාලන හා ආර්ථික විද්‍යා සාක්ෂරතාව වැඩි කිරීමට උත්සාහ කරන්නෙකි. රටේ පවතින විවිධ අර්බුධකාරී අවස්ථාවල ඉවසීමෙන් හා සංයමයෙන් බුද්ධිමත්ව මැදිහත් වේ. ඔහුගේ සාධාරණ මධ්‍යස්ත විශ්ලේෂණ හැකියාවද ඉහළ මට්ටමක දකින්නට ලැබේ. ඔහු වසර කිහිපයක් විදේශ රටක සේවය කිරීමෙන් ලද අත්දැකීම්ද අප රටට දුපත් මානසිකත්වයෙන් මිදීමේදී වැදගත් විය හැක. කොළඹ නාලන්දා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ඔහූ 2001 වසරේ දී ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගය පාසලේ හොඳම ප්‍රතිඵලය ලෙස සමත්ව, වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් විය. විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ විභාගයට මාස හතක් තිබියදී යුධ හමුදා වෛද්‍ය බලකායට එක්වූ පැතුම් දෙවන ලුතිතන් වරයෙකු ලෙස රාජකාරි ආරම්භ කළේය. මන්නාරමේ 58 වන සේනාංකයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ වෛද්‍යවරයා ලෙස ද ලඅනුරාධපුර යුධ හමුදා රෝහලේ වෛද්‍යවරයෙකු ලෙසද සේවය කළ පැතුම් Royal college of surgeons of Edinburgh විභාගය සමත්ව එහි සාමාජිකත්වය ලබා ඇති පැතුම්, වසර අටක් සිංගප්පූරුවේ වෛද්‍ය වරයෙකු ලෙස සේවය කර ඇත. එමෙන්ම ඔහු පරිසරවේදියෙකි, ලේඛකයෙකි, ස්වභාවික විපත් වලදී ක්‍රියාත්මකවීම, ජාතික කසල ගැටළුව සමාජගත කිරීම හා පිළියම් සෙවීම, ස්වභාවික පරිසරය රැකගැනීම ආදී කටයුතු වෙනුවෙන් වසර කිහිපයක සිට තම කාලය හා ශ්‍රමය කැප කර ඇත කරමින් සිටී.. එවන් තරුණ දක්ෂයින් පාර්ලිමේන්තුවට යැවීමෙන් රටට වැඩක් මිස අවැඩක් නොවනු ඇත.. ...

 

21 Votes

Malinda Alahakoon

PGD (BCS), MSc. in IT (Information Security)

ඔහු නව පරපුර අතර ජනපි‍්‍රය වී සිටින, වෙනස්ම ඉගැන්වීම් ශෛලියක් හිමිවූ, තාක්ෂණ විද්‍යා කථිකාචාර්යවරයෙකි. එමෙන්ම ඔහු දක්ෂ සන්නිවේදකයෙකි. ලිඛිත හා වාචික සන්නිවේදන කුසලතාවයන් මෙන්ම මිනිස්සු අතර සුහද සබඳතාවන් ගොඩනගාගැනීමටත් දක්ෂතාවන් ඔහු සතුයි. මීට අමතරව ඔහු ශීී‍්‍ර ලංකාවේ වීඩියෝ තාක්ෂණ නිෂ්පාදන සඳහා පුරෝගාමීව කටයුතු කරන “ට‍්‍රාන්ස්ෆෝම් ස්ටුඩියෝ” හි නිර්මාතෘවරයා වේ. ඔහු තම විවිධ ක්ෂේත‍්‍රතුළ එක්කරගෙන ඇති විශේෂ දැනුම හා තාක්ෂණය, තම ශිෂ්‍ය ප‍්‍රජාව හා රසිකයින් අතර බෙදාගනිමින් විශාල සේවයක් කරනු පෙනේ.  ...

 

19 Votes

Dr. Chaminda Malalasekera

Ph.D. in Management, Texila American University Masters of Business Administration, UK Bachelor of Business Administration, UK

ඔහු රටේ අභිවෘද්ධිය ගැන උනන්දුවක් හා කැපවීමක් දක්වයි. ජනතාව දැනුවත් කිරීමටද දායකත්වය දක්වයි. හොඳ දැක්මක් ඇත. ...

 

19 Votes

Rasika Jayakody

-

ඔහු මාධ්‍යවේදියෙකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූ තරුණ දේශපාලකයෙකි. ශ්‍රී ලංකාවේ පාලන ක්‍රමයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ, පුරවැසි කේන්ද්‍රීය දේශපාලනය, වගවීම සහ විනිවිදභාවය වැඩි කිරීම වෙනුවෙන් පෙනී සිටින්නෙකි. තමා කරන සියළු කටයුතුවලින් මානව යහපැවැත්මට දායක විය යුතුය යන සංකල්පය ඔහු දරයි. දැනට, ඔහු ශ්‍රී ලංකාවේ දේශපාලන අවකාශයේ කි‍්‍රයාකාරීව, දේශපාලන විශ්ලේෂකයෙකු, ලේඛකයෙකු සහ රාජ්‍ය හා පෞද්ගලික අංශවල සන්නිවේදන උපායමාර්ගිකයෙකු ලෙසද කටයුතු කරයි....

 

17 Votes

Thilak Kandegama

-

තිලක් කන්දේගම යනු, ඔබ මාධ්‍ය තුළින් නිරතුරුවම හමුවන, අප රටේ ගොවිතැන පරිසරයට හානිනොවන ආකාරයට හා සොබාදහම සමඟ අත්වැල් බැඳගෙන සිදුකිරීමට අවශ්‍ය දැනුම බෙදෙන හා දැනුම සොයන ගොවි පර්යේෂකයෙකි. දේශීය ගොවිතැන් ක‍්‍රම පිළිබඳ ඔහුගේ දැනුම හා අත්දැකීම් බොහෝය. අප රට කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත කිරීමට ඔහුගෙන් අපට ලබාගත හැකි දේ බොහෝය. ...

 

17 Votes

Saliya Peiris

Bachelor of Law (LLB), LLM (University of London), Attorney at Law (Sri Lanka Law College)

සාලිය පීරිස් යනුු ජනාධිපති නීතිඥයෙකු මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාද වේ. ඔහු අපරාධ නීතිය, මහජන නීතිය සහ අභියාචනාධිකරණයේ සහ මුල් අධිකරණවල මූලික අයිතිවාසිකම් යන ක්ෂේත්‍රයන් ප්‍රගුණ කර ඇති අතර නීති මණ්ඩලවල ප්‍රධානියාද වේ. 2018 පෙබරවාරි සිට 2020 සැප්තැම්බර් දක්වා ඔහු ශ්‍රී ලංකාවේ සංහිඳියා යාන්ත්‍රණයේ කොටසක් ලෙස පිහිටුවන ලද නව ආයතනයක් වන අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ පළමු සභාපතිවරයා ලෙස කටයුතු කළේය. 2015 ඔක්තෝබර් සිට 2018 මාර්තු දක්වා කාලය තුළ ඔහු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සාමාජිකයෙකු විය. ඔහු 2015 සිට 2017 දක්වා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයා විය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ශක්තිමත් කිරීමට, ශක්තිමත් සහ ස්වාධීන නීතිඥයෙකු ලෙස නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටියේය. ඔහු නීතිය පිළිබඳ කථිකාචාර්යවරයෙකු වන අතර, නීතිය සහ දේශපාලනය පිළිබඳ ලිපි රාශියක් ඉදිරිපත් කර ඇත. ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර ව්‍යාපාර නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. අයිසන්හවර් සාමාජිකයෙකි....

 

15 Votes

Chathuranga Abeysinghe

BSc.Finance (Special), Unversity of Sri Jayawardenepura, CIMA - UK,

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මූල්‍යය පිළිබඳ උපාධිය හැදෑරු චතුරංග, එම දෙපාර්තමේන්තුවේ විශිෂ්ඨම ශිෂ්‍යයාට හිමි රන් පදක්කම ලබා ඇත්තෙකි. පෞද්ගලික අංශයේ දත්ත විද්යාව පිළිබඳව විශේෂඥයෙකු ලෙස සේවය කරන ඔහු, CYPHER INDIA නැමැති ඉන්දියාවේ පැවතෙන දත්ත විශ්ලේශනය පිලිබඳ විශාලතම සම්මේලනයේ ප්‍රධාන දේශකයෙකු ලෙසද කටයුතු කලේය. මීට අමතරව ඔහු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා උපදේශකවරයෙක් ලෙසද කටයුතු කරයි. CIMA ආයතනයේ සාමාජිකත්වය දරන චතුරංග, ඇමරිකාවේ වරලත් මූල්‍ය විෂ්ලේශක (Chartered Financial Analyst) විභාගයේ දෙවන අදියර සම්පූර්ණ කර ඇත. Skills : Data Analytics, Data Management, Power Pivot and Power BI, Data Visualization, Financial management, SAP FICO, IT Infrastructure, Legal processes, Bank financing and WC management, Financial and Management Accounting, Corporate finance, Vendor management, Project management, Business and financial Analysis, Indian set up for Business ( Investment, Taxes and legal), Communication, Team work...

 

14 Votes

Sahan Wiratunga

B.Sc in Sustainable Development (University of Colombo)

සහන් විරතුංග යනු එදිනෙදා කටයුතුවලදී අභියෝග සොයන, අලුත් දේවල් ඉගෙනීමට සහ අත්හදා බැලීමට උනන්දුවෙන් සිටින පුද්ගලයෙකි.විශේෂයෙන්ම ඔහු ක්‍රියාකාරී සමාජ සේවකයෙක් ද වේ. සහන් යනු රාජපක්ෂ පාලනයට එරෙහිව කොහුවල විරෝධතාව ආරම්භ කළ අතලොස්සෙන් කෙනෙකි. ඔහු අනුරුද්ධ බණ්ඩාර සහ නිරුන් ලෂංග සමඟ #Gotagohome2022 සමඟ අති විශාල ෆේස්බුක් ප්‍රජාවක් ද, එතුළින් රාජපක්ෂ රෙජිමයට එරෙහිව පාරට බසින ලෙස ජනතාව දිරිගන්වීමද කරගෙන ගියේය. ඔහු සියවසට ශ්‍රී ලංකා ව්‍යාපාරයේ නායකත්ව කණ්ඩායම් සාමාජිකයෙකු වූ අතර දැනට ලිබරල් සහයෝගීතාවයේ සම-කන්දවුම්කරුද වේ. ඔහු විවිධ තරුණ කණ්ඩායම් පොදු අරමුණකට ගෙනඒමට බලමුළු ගන්වමින් අරගලයෙහි අවියෝජනීය කාර්යභාරයක් ඉටු කළේය. ඔහු කතුවරයෙක් සහ කැපී පෙනෙන නායකත්ව හැකියාවන් ඇති හොඳ චින්තකයෙක්ද වේ. තවද ඔහු පරිසරවෙදියෙක් සහ සත්ව ආරක්ෂයෙක් ලෙසද හැඳින්විය හැක....

 

12 Votes

Prof. Rangika Halwathura

Ph.D. (Moratuwa), C.Eng., MIESL, AMSSE, B.Sc. Eng. (Moratuwa),

Halwathura was born 4 February 1978 in Kalutara, Sri Lanka. He was raised in a family of four consisting of his parents and his younger brother, Shanaka Halwathura, a Sri Lanka Army officer. He attended Kalutara Vidyalaya National School. Halwathura graduated with first-class honors from the University of Moratuwa with a bachelor's of science in engineering. He later completed his doctorate degree in structural and building services engineering in 2008 from the same institution....

 

12 Votes

Dr. Sanjiva Weerawarana

PhD in Computer Science – Pardue University- USA, MS Applied Mathematics/Computer Science- Kent State University, BS Applied Mathematics,

ආචාර්ය සංජීව වීරවරන ලොව ප්රකට WSO2 සමාගමේහි නිර්මාතෘ සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. ඔහු 2017 වන තෙක් එහි ප්රධාන විධායක නිලධාරියා විය. WSO2 ආරම්භ කිරීමට පෙර ආචාර්ය සංජීව වීරවරන වසර අටකට ආසන්න කාලයක් IBM Research හි සේවය කළ අතර එහිදී ඔහු නැගී එන කර්මාන්ත ප්රමිතීන් නව්යකරණයන් (Innovation in Emerging Industry Standards ) පිළිබඳ අවධානය යොමු කළේය. IBM හි, ඔහු වෙබ් සේවා (Web Services Platform ) ආරම්භකයින්ගෙන් කෙනෙකු වූ අතර, සමාගමේ පුළුල් තාක්ෂණික නායකත්වය අගයමින් සංජීව 2003 දී IBM තාක්ෂණ ඇකඩමියටද තේරී පත් විය. ආචාර්ය සංජීව වීරවරන වසර ගණනාවක් තිස්සේ ලොව විවෘත මෘදුකාංග සංවර්ධනය සඳහා කැපවී සිටී. 2003 දී ඔහු විසින් ලංකා මෘදුකාංග පදනම (Lanka Software Foundation - LSF) ආරම්භ කරන ලදී. සංවර්ධනය වෙමින් පවතින රටවලින් විවෘත මෘදුකාංග සහභාගීත්වය ප්රවර්ධනය කිරීමේ කාර්යභාරය අගයමින් 2005 අප්රේල් මාසයේදී ඔහු Open Source Initiative (OSI) මණ්ඩලයට තේරී පත් වූ අතර එහි වසර දෙකක් සේවය කළේය. මොරටුව විශ්ව විද්යාලයේ පරිගණක විද්යා හා ඉංජිනේරු අංශයේ අර්ධකාලීනව උගන්වන ආචාර්ය සංජිව, මොරටුව සහ කොළඹ විශ්ව විද්යාල වල කර්මාන්ත උපදේශන මණ්ඩල සාමාජිකයෙකි. ...

 

12 Votes

Uvindu Wijeweera

Msc in Political Science and Sociology,

රෝහණ විජේවීර මහතාගේ එකම පුතු වන ඔහු උගත් බුද්ධිමත් ස්වාධීන අදහස් හා සමාජ අවබෝධයක් ඇති තරුණයෙකි. කුඩා කළ සිට දේශපාලන වටපිටාවක හා හමුදා කඳවුරක රැකවරණය ලබමින් ජීවත් වී ඇති ඔහු, මේ වනවිට රුසියානු විශ්ව විද්‍යාලයකින් දේශපාලන විද්‍යාව හා සමාජ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධියක් ලබා ඇත. ...

 

12 Votes

Dhananath Fernando

BSc. in Bio Sciences and Bio Chemistry (University of Colombo)

Dhananath (fondly known as Dhana) is currently the chief operating officer of Advocata, an economic policy think tank in Sri Lanka, where he is a founder member. Advocata was ranked as the best upcoming think tank in 2017 and 2018 at the “Global Go to Think Tank Index” by University of Pennsylvania. Advocata report on “SOE’S in Sri Lanka: Beyond “Profit and Losses” made the list of best policy study reports by a think tank across the world in 2019. Prior to founding Advocata, Dhananath worked as an Associate Research Director at Breakthrough Business Intelligence, a leading market research agency in Sri Lanka. He read for his Bachelor’s degree in Bio Sciences and Bio Chemistry at the University of Colombo and is an alumnus of the International Visitor Leadership Programme by the State Department of the United States of America, as well as an alumnus of the ATLAS Think Tank Leadership Academy in Washington, DC. Dhananath has been invited as a speaker at many national and international forums, including the Walter-Scheel-Colloquium for the United Nations ‘Sustainability Development Goals 2030’ in Bonn, Germany in 2015. He has been a regular speaker at the Asia Liberty Forum since 2015 and often provides commentary on economic issues on national television. He was the winner of the “Asian Think Tank Shark Tank Competition - 2018” in Jakarta, and a finalist for the “Think Tank Shark Tank Global Competition” in New York in 2019. He was the host of “Public Space Sri Lanka”, a one on one weekly TV discussion with politicians on Art TV, and a morning news programme, “Wake up with Art”. He has interviewed many senior ministers across all political parties and national opinion leaders in his TV show. His show was nominated amongst the top 3 political TV programmes at the Raigam Tele Awards in 2016. Dhananath is also a curator and founding member of AK Lit Fest, a trilingual literary festival dedicated to showcasing local authors of Sri Lanka. In his social responsibilities, Dhananath works with ‘people in need’ by volunteering with CandleAid Lanka, a government-approved humanitarian organisation. He was a part of a team training vison- and hearing-impaired students on swimming and safety, and the main coordinator for personality, career development, and English training for undergraduates. Dhananath is an enthusiastic mountain climber and a trekker. He completed the Everest Base Camp in May 2018 and the Chardar Trek (one of the wildest treks based on a ranking by CNN), a frozen river at the Indian-Tibetan border in 2017....

 

10 Votes

Nagananda Kodithuwakku

Attorney at Law

නාගානන්ද මහතා වෘත්තීය නීතිඳවරයෙකු වශයෙන්, මහජන හිමිකම් වෙනුවෙන් පෙනී සිටින, මෑතක විවිධ සිද්ධිවලට ඉදිරිපත් වීම නිසා ජනප‍්‍රියත්වයට පත්වුණු, චරිතයකි. එතුමා 2020 ජනාධිපතිවරණයට ඉල්ලූම් කරනබව ස්ථිරව නොදනිමු. එබැවින් ඔහු පාර්ලිමේන්තුවට යෝජනා කරමි. පහත වෙබ් පිටුවලින් එතුමා ගැන බොහෝ විස්තර දැනගත හැකිය. එතුමා මේ වෙබ් අඩවියේ නිර්නායක වලට අනුව නොබියව යෝජනා කළහැකි කෙනෙකි....

 

8 Votes

Dr. Nishan De Mel

BA in Economics (Harvard University, USA) M.Phil (Oxford University, UK) D.Phil (Oxford University, UK)

නිෂාන් ද මෙල් ආර්ථික විද්‍යාව පිළිබඳ ප‍්‍රථම උපාධිය ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ කළ අතර, සිය පශ්චාත් උපාධිය හා ආචාර්ය උපාධිය එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී සම්පූර්ණ කළේය. ඉන්පසු ඔහු ඔක්ස්ෆර්ඩ් සහ හාවඩ් විශ්වවිද්‍යාලවල ආර්ථික විද්‍යාව ඉගැන්වූ අතර පර්යේෂණ කටයුතුවලටද සම්බන්ධ විය. පුළුල් අධ්‍යයන, ප්‍රතිපත්ති සහ පෞද්ගලික අංශයේ පළපුරුද්ද ඇති ආර්ථික විද්‍යාඥයෙක් වන ඔහු වෙරිටේ රිසර්ච් ආයතනය අරඹා ආර්ථික විද්‍යා කරුණු පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට බොහෝ සේවාවන් කර ඇත. විදේශගත වීමට බොහෝ අවස්ථා තිබුණද, ඔහු මව්බිමට ආදරය කරමින් බොහෝ සමාජ කටයුතුවලට ඉදිරිපත් විය. සෞඛ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ, සමාජ ආරක්ෂණය සහ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. ඔහු වාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය. ඔහු පුද්ගලික අංශයේ මණ්ඩල කිහිපයක කලාපයේ විශාලතම සමාගම් කිහිපයක් සඳහා නිතිපතා උපදෙස් ලබා දීය....

 

8 Votes

Anuruddha Bandara

BSc in Physical Science (University of Colombo)

තිසර අනුරුද්ධ බණ්ඩාර යනු රටේ දේශපාලන වෙනසක් සඳහා ඇතිවූ තරුණ අරගලය වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතුකළ තරුණයෙකි. මහනුවර කිංස්වූඞ් විද්‍යාලයේ ආදිසිසුවෙක්ද වේ. පාසල් කාලයේ දක්ෂ කී‍්‍රඩකයෙකි. කොළඹ විශව විද්‍යාලයේ භෞතිකවිද්‍යා උපාධිධාරියෙකි. ...

 

7 Votes

Wasantha Mudalige

To be included

වසන්ත මුදලිගේ යනු දඹානේ උපත ලැබ, රජරට විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා, කොළඹ පැමිණ, අන්තර් විශ්ව විද්‍යාල ශිශ්‍ය බලමණ්ඩළයේ කැඳවුම්කරු වීමට තරම් නායකත්ව හැකියාවක් ඇති නරුණයෙකි. මින් පෙර සාමාන්‍ය ජනතාවගේ වැඩි ප‍්‍රසාදයක් හිමිව නොතිබූ "අන්තරේට" ජනතා ප‍්‍රසාදය ලබාදීමට ඔහුට හැකි වී ඇත. පසුගිය අරගලයේදීද ඔහු ඉතා කැපී පෙනෙන නායකත්වයක් ලබා දෙන ලදී. *වැඩි විස්තර ඇත්නම් එවන්න...

 

7 Votes

Tharuka Ranaweera

BBA in Marketing (University of Colombo)

තාරුක රණවීර යනු යනු රටේ දේශපාලන වෙනසක් සඳහා දැඩි කැපවීමකින් කටයුතුකරන තරුණයෙකි. කොළඹ විශ්ව විද්‍යාලයේ අලෙවිකරණය පිළිබඳ උපාධිධාරියෙකි. රටට වඩාත් හොඳ දේශපාලන පරිසරයක් ඇති කිරීම වෙනුවෙන් කැපවීමකින් හා උනන්දුවකින් කටයුතු කරයි. ...

 

6 Votes

Isuru Subasinghe

MBA Marketing (US), BA International Relations (Japan)

ඉසුරු සුබසිංහ (37, විවාහක) හැදී වැඩුණේ ති‍්‍රකුණාමළය නාවික කඳවුරේ ය. ජපන් විශ්ව විද්‍යාලයක ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මූලික උපාධියද එක්සත් ජනපද විශ්ව විද්‍යාලයක අළෙවිකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කර ඇත. මේවනවිට ඔහු නවෝත්පාදන උපදේශකයෙකු ලෙස විශාල සමාගම්වල සහ ජපාන රජයට සේවය කරයි. ඔහුගේ ඔහුගේ පියා ශ්‍රී ලංකා නාවික හමුදාවේද මව ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු ප්‍රාථමික පාසලේ විදුහල්පතිනිය ලෙසද සේවය කර විශ‍්‍රාම ලබා ඇත. කුඩා කළ සිටම තම මාතෘ භූමිය දැඩි ආදරයකින් හැදී වැඩුණු ඔහු මනා විනයක් හා හික්මීමක්ද ඇති, වගකීම් සහගත තරුණයෙකි. ...

 

5 Votes

Rajeev Amarasuriya

Bachelor of Laws LL.B (Hons.) University of Colombo, Attorney-at-Law, CIMA (UK)

Rajeev Amarasuriya, Secretary of the Bar Association of Sri Lanka, commenced his Legal practice in the law chambers of Sanjeeva Jayawardena, PC where he practiced law for more than a decade before commencing his own law chambers and is a regular practitioner before the Appellate Courts specialising in all aspects of appellate law, as well as constitutional and public law and has a varied practice in diverse fields and subjects, including civil, contractual, commercial, property, taxation, banking, labour and other disciplines of the law. In 2013, Amarasuriya was awarded the prestigious CIMA Star Gold Award by the Chartered Institute of Management Accountants (CIMA) as the most outstanding CIMA Member below the age of 40 years. Amarasuriya was also recently named as one of the LMD-CIMA Trailblazers for 2021. He was a Commission Member of the Securities and Exchange Commission of Sri Lanka for close to five years and is presently a Board Member of the Sri Lanka Accounting Standards and Monitoring Board, a Member of the Incorporated Council of Legal Education of Sri Lanka, a Member of the Standing Committee on Legal Studies of the University Grants Commission, a Member of the Financial Advisory Committee of Sri Lanka Cricket and a Member of the Advisory Board of the Faculty of Law of the Sri Lanka Institute of Information Technology. ...

 

5 Votes

Indika Gamage

ZCE- , MCD - ,BSc. Computer Science and Mathematics modeling- Wayamba University of Sri Lanka

ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සදහා නවලොව නව අවස්ථා දිනාගනිමින් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට උත්සුක වන්නෙක් වන අතර රටේ අදායම ඉහල නැංවීම සදහා වෘත්තිකයන්ගේ මැදිහත් වීම වැඩිකිරීමටත් ඒ වෙනුවෙන් ප්‍රථම තොරතුරුතාක්ෂණ වැඩපිළිවෙල ඉදිරිපත් කල කණ්ඩායමේ ප්‍රධානියා ලෙසත් කටයුතු කළේය . ETCA/CEPA සටනේදී වෘත්තිකයන් වෙනුවෙන් පෙනීසිටි නායකයෙකි. තොරතුරු පනත මහජනයාට වඩා යෝග්‍ය තත්වයට ගෙන ඒම සදහා නිතිය ඉදිරියට ගිය අතර තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංවිධානයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරයි සාධාරණය යුක්තිය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නිතරම හඩ නගන්නෙකි. ...

 

4 Votes

Daya Hettiarachchi

BSc. Eng. (Faculty of Engineering, University of Peradeniya,), CIMA, UK, MSc in Computer Science (University of Colombo), Chartered Management Accountant, Information Systems Specialist

ශ්‍රී ලංකා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් ඉංජිනේරුවෙකු ලෙස උපාධිය ලබා, පසුව කළමනාකරණ ගණකාධිකරණ අධ්‍යයන CIMA (UK) සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කර ඇති ඔහු, වරලත් ඉංජිනේරුවරයෙකි. වරලත් කළමනාකරණ ගණකාධිකාරී සහ තොරතුරු පද්ධති විශේෂඥයෙකු වන දැනට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ICT සමාගම් සමූහයක් වන OpenArc ඔහු විසින් 1991 දී ආරම්භ කරන ලද ජාත්‍යන්තර පැවැත්මක් සහිත සමාගම් සමූහයකි. ඔහු ඉංජිනේරු ආයතනයේ සාමාජිකයෙකි, වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ සාමාජිකයෙකි, ගණකාධිකාරී සහ බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සාමාජිකයෙකි. වෘත්තීය පසුබිම ඔහු යාන්ත්‍රික ඉංජිනේරුවෙකු ලෙස වසර 4ක් බැංකු අංශයේ (ජාතික සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව) බැංකුකරුවෙකු සහ තොරතුරු පද්ධති විශේෂඥයෙකු ලෙස වසර 8ක් තොරතුරු පද්ධති නිර්මාණකරුවෙකු, තත්ත්ව පද්ධති සහ ව්‍යාපෘති කළමනාකරණ විශේෂඥයෙකු ලෙස වසර 20ක් සේවය කර ඇත. ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහු බොහෝ ආයතනවල ගුරුවරයෙකු සහ උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත. ...

 

4 Votes

Dr. Buddika Adikari

BSc Engineering (University of Moratuwa), PhD Electronics Engineering at University of Surrey, UK)

බුද්ධික අධිකාරි යනු මොරටුව විශ්වවිද්‍යාලයෙන් හා සරේ විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබූ ඉංජිනේරුවෙකි. ආචාර්ය උපාධිලාභියෙකි. ව්‍යාපාරිකයෙකි. එමෙන්ම රටේ දේශපාලන කටයුතුවලට උනන්දුව දක්වන්නෙකි.. ...

 

2 Votes

Tharindu Gunathilaka

BSc (Special) in Zoology – University of Peradeniya

වෘත්තීය වශයෙන් සර්වෝදය වයාපාරයේ සේවය කරන ඔහු තිරසාර සංවර්ධනය, ප්‍රජා පාදක සංරක්ෂණය, පාරිසරික යුක්තිය, තිරසාර කෘෂිකාර්මික පිළිවෙත්, පාලනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති සංවර්ධනය කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කරන පර්යේෂකයෙක් සහ පරිසර සංරක්ෂණ ක්‍රියාකාරිකයෙකි. ඔහු 2013 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සත්ව විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ලබා ගත් අතර විශ්ව විද්‍යාල සංගම්, සමාජ ව්‍යාපාර, ප්‍රජා ආයතන සහ රාජ්‍ය නොවන සංරක්ෂණ ආයතන සමඟ වැඩ කරමින්, ඉන් අනතුරුව සත්ව විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපතිවරයා විය. එමෙන්ම පරිණාමීය පරිසර විද්‍යාව පර්යේෂණ මගින් සංරක්ෂණ විද්‍යාව පිළිබඳවද මිනිසුන්ට සහ සියලු ජීවීන්ට වැඩි තිරසාර බවක්, යුක්තියක් සහ සාමයක් ගෙන ඒම සඳහාද ඔහු කැපවෙමින් සිටී. ...

 

2 Votes

Jayantha Wijesinghe

CIM (UK)

Jayantha Wijesingha is a Sustainability Consultant currently working as a consultant to EU-Sri Lanka development corporation WASH project with Solidaridad. He is also a Climate Champion, a professional marketer turned conservationist with over 10 years experience in Sri Lanka and South East Asia working on Climate Change, Conservation strategy Planning, Eco system restoration and Sustainable development. He was awarded a climate champion by Climate Group,WWF, Earthwatch and Smithsonian tropical institute and was a part of research programme that was supported by the Royal Society, UK. He is also the convener of Rainforest protectors of Sri Lanka and an advisor/consultant to many corporate sector initiatives and regional level environment organizations. ...

 

1 Votes

Pathum Mahagama

Bachelor of Commerce, Marketing (University of Sri Jayewardenepura)

පැතුම් මහගම යනු යනු රටේ දේශපාලන වෙනසක් සඳහා දැඩි කැපවීමකින් කටයුතුකරන, නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ තරුණයෙකි. ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ්‍යය හා අලෙවිකරණය පිළිබඳ උපාධිධාරියෙකි. ...

 

7589 Votes

Rohan Pallewatta

Add Your Heading Text Here Add Your Heading Text Here Add Your Heading Text Here

Lorem ipsum dolor sit amet, cu eam blandit definitionem, ius adhuc consulatu laboramus et. Inani necessitatibus has ad, iriure mediocritatem ad mel, inermis repudiare constituto ex nam. Pro ut esse corrumpit, mei id iriure admodum eloquentiam, tempo..

[setReUrl]